පරණ පොත් පත් ටිකක් ඇදගෙන යන කොට හම්බුණ කවි පන්තියක් මේ මේ කවි පන්තිය බ්ලොග් එකට දානවද නොදනවද කියලා හිත හිත ඉන්නකොට හිතුනා දාන්න මොකද මම මේ කවිය රස විදුපු විදිහයි තව කෙනෙක් රස විදින විදිහයි වෙනස් ඒ නිසා මම කැමතියි මේ කවි පන්තියේ කවියා විසින් අපට දෙන්න හදන උපදෙසය මොකද්ද නැත්නම් කවි පන්තියේ තේරුම මොකද්ද කියල දැනගන්න. මොකක් ද ඔයාලගේ අදහස.
කවියේ නම: හැම දේටම මුල
දෑත් දෙපා නැත දෑස් දෙකන් නැත
එනමුත් කරන්නට බැරි දෙයකුත් නැත
බිහිවුන දා සිට ලෝසත මිහි මත
ඇති-නැති වීමට දායක වී ඇත
කළ නොමකළ යුතු දේ හදුනන්නට
වරද - නිවරදේ වෙනස දකිනිනට
හොදට නොහොදකට සාමෙට නපුරට
හැම තැනක දි හැමදෙයම රන්වට
ලොව නංවන්නට නැතොත් නසන්නට
උඩුයටිකුරු කර ලොව පෙරලන්නට
රුදු අවි අතහැර කවියකු වෙන්නට
සිල් බිදගෙන සොර දෙටුවකු වෙන්නට
අහස පොළව යාකර ගැටලන්නට
ඉරහද තරු අතරේ ගැවසෙන්නට
අහසේ මහ මාලිගා තනන්නට
මෙකී නොකී හැම දේම කරන්නට
කෙනකුට නැගිටින්නට අත දෙන්නට
කෙනකුව කකුලෙන් ඇද වට්ටන්නට
අරුම පුදුම වු වෙන ජගතෙක් නැත
වරදට යෙදුවොත් සැනසීමක් නැත
සලසාගන්නට අප ගේ සුබසෙත
යොමුකළයුතු වෙයි නිවැරදි දෙ වෙත
ඇති තැන කිසි දා කුඩා නො වේ පත
හැමදේටම මුල මහ බලගතු හිත
මෙම කවියේ සම්පුර්ණ අයිතිය අට්ටවිල්ලුව , ගර්ටි රත්නායක මහතා සතුය.
No comments:
Post a Comment
අදහස් උදහස්