සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.
Showing posts with label කවි සිතුවිලි. Show all posts
Showing posts with label කවි සිතුවිලි. Show all posts

Friday, October 2, 2009

සෙබළ සිතුවිලි.

සෙබළ සිතුවිලි


නිජ බිම අපේ , සතුරන් ඇයි පැරදුනේ
සොදුරුයි අපේ සිත් , දැන් ජය බිමේ
බර අවි දරා ගත් දෑතින් අපේ
රැක ගන්නවා සත්තයි මව් රට මගේ,


සතුරන් කිවු දේ , අප බොරු කළා          
එඩි බල අපේ , සිත් තුල ඇත තෙරපිලා
කවුරුන් කෙසේ කීවත් අප කල මුලා
දෑසින් පෙනේ දැන් දැන් උන් පැරදිලා


ජන හඩ සිතින් ගත් අප පුබුදමින්
මහමෙර ලෙසින් නිබදව පසු පස එමින්
ලක් මව් සනසන පුතෙකුව උපන්
ඔබමයි මහා විරු ජනපති තුමන්


මහ ඉදු රජ පස අප නුබ නමින්
දිවි පුදහට වුව කම් නෑ ඉතින්
අප මෙන් සැල දන නුබගේ නමින්
දුටුගැමුණු ඔබමයි ඉපදුනු කලින්

සමිත කැලුම් ලක්මනආරච්චි
වැල්ලරාව බිංගිරිය.


අප ලක් මෑණිය වීර සෙබලුන් විසින් සම්පුර්ණයෙන්ම සතුරන්ගෙන් මුදා ගැනීමට සති දෙකකට පෙර දිනයක දී මා හිත මිතුරු සමිත කැලුම් සොයුරාගේ දෑතින් ලිය වුණ පද්‍ය කිහිපයකි මේ. මේ නිර්මාණය මා අතට ලැබී බොහො කලක් ගත වුවද මෙය මාගේ බ්ලොග් එකට දැමීමට කල් ගත වුයේ ඔහුගේ අවසරය ඇතිව දැමිමට අවශ්‍ය හෙයනි. අනුන්ගේ නිර්මාණයක් අපගේ කර ගන්නවාට වඩා එම නිර්මාණය අගය කර නිර්මාණය කරන තැනැත්තාද සදහන් කොට යමකට එය දැමීම සුදුසුය. 


Sunday, August 9, 2009

රායිස්සා අඛිමටෝවා - සෝවියට් දේශයේ චෙචෙන් නගරයට අයත් කිවිදියකි. ඇය ලියු ගමේ මිතුරන්ට යන කවිය මා සිත් ගත්යාය.එම කවියයි මේ.


ගමේ මිතුරන්ට
















නීලවන් වු  වළාකුළුවලැ
ගෑවී ගෑවී ගුවන සිපිනා
කදුවලල්ලේ වන තීරයෙන්
සෙවන වුණු ගම් පියස සොබනා
                                       කුමරියන් සේ සිනා බස් දී
                                       දිය සොයා උල්පතට ඇදෙනා
                                       අරුණ උදයේ ළහිරු සමගින්
                                       බලනු අසිරිය මහද පිපෙනා





ඒ මහරු කදු ඒ රුසිරු ලදු
එ වන තීරය එ තුරු ලියගොමු
උදුන්වලැ සිට නැගෙන දුම් රැලි
දුර්ග මං පෙත ලිහිණි රාවය
මගේ උපත මගේ ඉරණම
විලස මගෙ ජීවිතය සමගින්
බැදී පවතින ඒ සියල්ලම

මගේ උරුමය නොවෙද මිතුසද
 
බොහෝ මාවත් පසු කෙළෙමි මම
නමුදු ලොව මා ඉදිරියෙම ඇත
හදවතින් මනසින් කවියෙන්
ගමේ මිතුරනි ඔබ ළගය මම

 මෙම කවිය ලියු ඇය ගැන හැදින්වීමකි මේ.




‍රායිස්සා අඛිමටෝවා - සෝවියට් දේශයේ චෙචෙන් නගරයට අයත් කිවිදියකි.ඇය නවසිය හැට ගණන්වල සිටම ජාතික කිවිදියක ලෙස පතළ ය. මෙම නගරයේ මුස්ලිම් කාන්තාවන්ට විමුක්තිය ලැබුනේ සෝවියට් විප්ලවයත් සමගය.අඛිමටෝවා උපන්නේ එහි කදුකර ගම්මානයෙකය.ඇගේ ළමා විය ගෙවුනේ දෙවන ලෝක යුධ සමයේ දීය.එ බැවින් ඇයට සිය ගමේ සෙසු ගම්වැසියන්ද සමග දුෂ්කර ජීවිතයක් ගත කරන්ට සිදුවිය.ඇයගේ අධ්‍යාපනය බිද වැටිණි එහෙත් ඇය ධෛර්යයෙන් යුතුව දැනුම සොයා ගීයාය."මගේ පුතා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන විට මම විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමට ඉගෙන ගනිමින් සිටියෙමැ" යි ඇය පවසා ඇත.

මෙය මා උපටා ගන්නා ලද්දේ "සොවියට් දේශය" නමින් පළවු සිංහල සගරාවෙන්ය මෙම කවිය පළ වී ඇත්තේ 1988 වර්ෂයේ පළ වු එක් සගරාවකය.කුමන මාසයේද කියන එක සොයා ගැනීමට නොහැකි විය.මෙම සගරාව මා අතට ලැබුනේ මීට අවුරුදු 12 කට උඩදීය.ඒ මාගේ මව ලග තිබීය.ඇය මෙම කවි පෙළට මහත් සේ ඇළුම් කළාය.   







Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ