සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Wednesday, September 23, 2009

කාර්‍යක්ෂම ලෙස පරිගණකය භාවිතා කිරීම සදහා ගුගල් (google) desktop.

ගූගල් ආයතනය යනු අද වන විට ලොව මුල් පෙලේ මෘදුකාංග නිපදවන සමාගමක් වී ඇත. එම ආයතනය විසින් දැන් පාලක පද්ධති පවා නිපදවමින් පවති. එම ආයතනය ගූගල් ඩෙක්ස්ටොප් යනු අපගේ පරිගණකයේ ඇති file , music , photo වැනි දක්ත පිරික්සීම සදහා නිර්මාණය කර ඇති මෘදුකාංගයකි. මෙම වැඩසටහන මගින් සර්ච් කිරීම පමණක් නොව අන්තර්ජාලය හරහා අපට තොරතුරු සපයන සන්නිවේදකයෙකුගේ කාර්‍යයද ඉටුකරයි. එසේම මෙයට ආදා ඇති සයිඩ් බාර් එක හා එයටම එන ගැජෙට් මගින්ද අපට බොහෝ පයෝජන ලබා ගත හැකිය. මෙහි විශේස ගුණාංග අතරින් අපට අතපසු වීමකින් මැකෙන්නා වු ෆයිල් නැවත ලබා ගැනිමේ හැකියාවක් ඇති වීමයි. 
එනම් අප මෙම වැඩසටහන මගින් ‍ෆයිල් එකක් පිරික්ෂිමක් කර එය ආරම්භ කර පසු එම ෆයිල් එකේ පිටපතක් තබා ගැනිමයි. එම නිසා අපට නැති වු ෆයිල් නැවත ලබා ගැනීමට හැකි වේ.
Free and takes seconds to install

Requires Windows Vista/XP/2000 SP3+
Linux version | Mac version
 

 


Gadgets

 
අතරින්

 Gmail


 All Google Desktop Gadgets
Google Desktop Sidebar




Friday, September 18, 2009

මෙහෙමත් ගොඩනැගිලි ඈ.....

අද උදෙන්ම බ්ලොග් ලිපි කියවලා ඉවර කරලා ලෝකේ ව‍ටේ පොඩි රවුමක් ගැහුවා ඔය අතරේ අමුතු අමුතු පින්තූර ටිකක් හමුවුනා. ඒ වායින් වැදගත් කියලා හිතුන පින්තූර ටිකක් ඔයාලත් බලන්න.





 





 


 


 


 


 


 






Thursday, September 17, 2009

ආදරයේ විරහ වේදනාව හදට දැනෙන්න ගැයු අසහාය ගායකයා

රැළි ආ හැකිය
රැළි යා හැකිය
එහෙත්...ජෝති ඔබ
පරම්පාරාවෙන් පරම්පරාවට
ගීතයේ ...වර්ණවත් මිනිසාය...



 

අපේ වචන වලින් ඔහු ගැන බිදක්

1936 පෙබරවාරී 12 වැනිදාවක මාතර උපන් හෙට්ආරච්ගේ රෙජිනොල් ජෝතිපාල කුඩාකාලයේම තම දෙමාවුපියන් සමග කොළඹ පදිංචියට ආවේ සැගවුණ දක්ෂතාවක් ද කැටිකර ගෙනය. මොහු කුඩාකල සිටම ගීත ගායනයට යොමු විය. නමුදු මොහුගේ මව්පියන්ට උවමනා වුයේ මොහුව වෙන මාවතකට යොමු කිරිමටය. කෙසේ හෝ ජෝතිපාලයන් උදය ගෙව්වෙත් ගීතයෙනි දහවලද රැයද ගෙව්වේ ගීතයෙනී මොහුද මොහුගේ මව්පියන්ද කිසි කලක සිතුවේ නැත රටක් ආදරය කරන අසහාය ගායකයෙනක් වේවි යැයි ය.
ජෝතිපාලයන් ගැයු මුල්ම ගීය වන්නේ "මගේ රන් රාජණී" ය මෙම ගීතයෙන් ගායනය ලොවට පා තැබු ඔහු සිංහල films වලටද ගී ගැයීම පටන් ගත්තාය. film කිහිපයකටම ගීත ගැයු අතර ඉන් මුල්ම ඒවා වන්නේ සුරතලී , සූකිරි කෙළ්ල , සුජීවා , ශාන්ති , සුමිතුරු , සුදු සදේ කළු වළා ය. මෙයින් නොනැවතුණු ඔහු රංගනයෙන් හා films නිෂ්පාදනයෙන්ද දායක විය.  කෙසේ හෝ මොහු ගුවන්විදිලියට හා කැසට් පට වලට ගැයු ගීත හයදහසකටත් වැඩිය films  වලට ගැයු ගීත තුන්සියයකට වැඩිය. මෙතුමාගේ හැකියාවන් නිසා ජනාදිපති සම්මාන හා සරසවි සම්මාන වලටද උරුම කම් කීය. 

මෙතුමා දිනක් රූපවාහීනි වැඩසටහනක කියා සිටියේ මගේ ගීත අහන මට ආදරය කරන ජනතාව ජෝති ඇති දැන් සිංදු කීවා දැන් නවත්වන්න කීවොත් අන්න එදාට මගේ ගායනය නවත්වනවා. නමුත් සෑම මොහතකම මරණය ගැන කතාකරමින් සිටි ඔහු 87 ජුලි 7 වන දා අළුයම කාටත් හොරා සදහටම අප අතරින් වෙන් වේවි යැයි කවුරුත් සිතන්නට නැත. ඒ වන විට පනස් වියේ සිටි එතුමන් පවුලේ වැඩිමලාද විය. 
මුළු ලංකාවම හඩන්නට ඇත්තේ මෙවැනි ගායකයෙකුගේ මෙවැනි හඩක් කිසි කළක නොඇසෙන හෙයෙනි. 
එච්.ආර් ජෝතිපාලයන් ට ආදරය කරන පිරිස කොපමනක්ද කීයා දැන ගැනීමට ලැබෙන්නේ ඔහුගේ අවමංගල උත්සවයේ දි ඔහුගේ දේහය අවසන් වරට දැක ගැනීමට කලාගාරයට පැමිණි පුද්ගලයන් කිලෝමීටර ගණනාවක් දුරට පොළිමක් තිබු හෙයනි. ජෝතිපාලයන් මුදල් වලට වඩා මිනිසුන් හම්භ කර ඇත යන්න අපටද මෙයින් සිතිය හැක.



 

ජෝතිපාලයන්ගේ දේහය අසල පවුලේ අය


 


අවමංගල්‍ය සභාව ඇමතුවන් අතරින්





 


 


තම සහෝදර මිතුරන්ගේ කරමතින් අවසන් ගමන් යන ඔහු


 








සෑය



 


අවසන් මොහතේ අවමංගල්‍ය සභාවෙන් ලියවුණ දුක් ගීතයක් ගායනා කරන ලතා වල්පොළ






එම ගීය 

සෑය මුදුණක සිතාරය තුළ
ඔබේ පිලි රු මැවෙන්නේ
කළු වලාකුළු මුදුන් වී ඔබේ හඩයි 
පිලි රැව් දෙවන්නේ
පනස් වසරක් දිවි ගෙවු ඔබ මොලොව
පන්සිය වසත් වා
 මෙලෙසටයි අද පෙනෙන්නේ මට
විලසකයි හද‍ පෙලෙන්නේ
 ජෝති හිතවත රටක් නලවා රටක් හඩවා...




අවසන් මොහතේ අහස උඩින් මල් ඉසු අයරු





 



.



එච්.ආර් ජෝතිපාලයානෙණි ඔබ සදා අමරණීයයි.

Wednesday, September 16, 2009

ෆයර්ෆොක්ස්ට පසුව එන්නේ ස්නොවුල් නම් වෙබ් Browser යම ද?.

ගිනි හිවලා ගොස් හිම බස්සා එයි! ඔන්න ඔහමයි වෙබ් අඩවි වල හා පරිගණක සගරා වල 2008 අගෝස්තු හය වෙනිදා ඉදන් අහන්න දකින්න කියවන්න තිබුනේ එහෙත් දැන් වර්ෂයක් හමාර වෙලත් ඉවරයි ඒ ගැන හරි හොඩුවාවක් නම් නැ දැන ගන්න. කෙසේ වෙතත් මට ටිකක් හිතුනා මේක ගැන හොයලා බලන්න. Mozilla labs පැත්තේ ඔන්න ඉතින් රවුමක් ගැහුවා අළුත් Projects මොනවද කියලා බලන්නත් එක්කම.



Projects

ෆයර්ෆොක්ස් වෙබ් Browser යෙන් පසු මොසිල්ලා පදනමෙන් ලෝකයට නොමිලේ දෙන මීලග වෙබ් Browser වීමට හොදටම ඉඩ කඩ තිබෙන්නේ ස්නොවුල් ය. සමහරක් විට මෙය මීලග වෙබ් Browser යම විය හැකිය.2008 අගෝස්තු 06 වනිදා මොසිල්ලා පදනම විසින් ඉදිරි පත් කළ ස්නොවුල් දැනට ෆයර්ෆොක්ස් හි ප්ලගින් එකක් හෙවත් ඇඩ්- ඔන් එකක් පමණි. ඉන්ටනෙට් මැසේජිංවලට පහසුකම් සපයන ස්නොවුල් පරීක්ෂන මට්ටමේ මෘදුකාංගයකි. ස්නොවුල් නිර්මාණය කළ මොසිල්ලා පදනමේ මයික් මෙලිස් කියන්නේ මෙමගින් ලබා ගත හැකි පයෝජන දැනට සීමා සහිත වුවත් අනාගතයේ දී එය වෙබ් Browser දක්වා දියනු කරන බවය.මේකේ කෙටි කාලීන බලා පොරොත්තුව ෆයර්ෆොක්ස් වෙබ් Browser අලුත් අංගයක් එක් කීරිමයි. දීර්ඝ කාලීනව ගත්තහම මෙය ෆයර්ෆොක්ස් ට පසුව එන වෙබ් Browser විදිහට වැඩි දියනු කරන් සිතා ගෙන ඉන්නවා මෙයයි මයික් මෙලිස් ගේ කතාව. මෙය ඔහු පවසා තිබුණේ කොම්පියුටර් වර්ල්ඩ් සගරාවටය. මෙය නොමිලේ භාගැනිමට මොසිල්ලා ඇඩ්-ඔන් වෙබ් අඩවියෙන් පුළුවන. නමුදු දැනට අප පාවිච්චි කරන මැසේජිං සේවාවන් ස්නොවුල් තුළ විවෘත කරගත හොත් යම් අවාසියක් වෙන්නට පුළුවන්  යැයි මොසිල්ලා ලැබ්ස් ආයතනය අනුතුරු අගවනවා. මෙ මගින් අපගේ මැසේජස් මැකී යාමට ඉඩ කඩ වැඩිය එයට හේතුව ලෙස ඔහුන් පවසන්නේ ස්නොවුල් තවම පර්යේෂණ මට්ටමේ සමහර බග්ස් වර්ග ඒ සමග එකතු වී දැනට ලැබී තිබෙන මැසේජස් මැකී යන්න ට පුළුවන් යන්නය. එසේ ‍නම් මෙය භාගෙන ස්ථාපනය කරන්න ට වෙන්නේ අනතුර සිතේ තබා ගෙනමය. 
කෙසේ වෙතත් ඊලග වෙබ් Browser ය මෙය යැයිම ස්තීරවම සිතිය නොහැක මෙය මොසිල්ලා ලැබ්ස් ආයතනයත් Browser යක් දක්වා වැඩි දියනු කිරීමට සිතා ගෙන ඉන්න නිසාය. ඔහුන් එය ස්තීරවම Browser දක්වා වැඩි දියණු කර මහජනයා ට ලබා දෙන භව කොහේ වත් සදහන් කර නැත. තවද විදිහකට සිතිය හැකිය ඔහුන් ස්නොවුල් Browser යක් විදිහට වැඩිදියණු කර මහජනයාට ලබා දෙයි යන්නය කිමද ඔහුන් ද සිතා ගෙන ඉන්නේ එය එසේ කිරීමටය.
ඔන්න ඉතින් මට හමුවුණ අනිත් Projects ටික ෆයර්ෆොක්ස් ට පොඩි ඇදුම් ටිකක් අන්දවලා එහෙම හැඩ කරලා ගමු නේද. තව ටිකක් එහෙම ඇවිද්දොත් මොසිල්ලා ලැබ් එක දිහා තරගයක් දෙහෙ කටත් ඇතුල් වෙලා කීයක් හරි හොයා ගන්න උත්සහා කරන්නත් පුළුවන්. ඔයත් පොඩ්ඩක් කැරකිලා බලන්න පාඩුවක් වෙන්නේ නැති වෙයි.  මොසිල්ලා ලැබ්ස් පැත්තේ රවුමක් දාමු ද
 

Sunday, September 13, 2009

රූප වාහිනී වැඩසටහනක විනිශ්‍ය කාර තුමෙක් ලබා දුන් අභියෝග යක් ජය ගත් ඔහු (Wasantha Soysa set a Guinness World Record)


අභියෝගයක් ජය ගත් ඔහු නමින් වසන්ත සොයිසාය. සිංහලෙන් පහත විස්තර දමා ඇත.

Sri lankan Karate expert Wasanth Soysa (49) a resident of Anuradhapura, yesterday made a new world Guiness record by breaking 12 slabs of concrete in one go, with his head, easily bypassing the record set in 2008 by a Norwegien national of 7 concrete slabs.

The feat had been conducted in the presence of World Guinness Committee representative, North Central Sports Director K.B.E.S Muthugala.

Wasantha Soysa has a previously set Guinness world record of breaking 525 clay tiles.


  එක්තරා රූපවාහිනී චැනලයක් ලංකාවේ විවිද හැකියාවන් තිබෙන පුද්ගලයන් සොයා තරගයක් පවත්වනවා ඔබ සියලු දෙනාම දන්නවා ඇතිනේ නමුත් එක්තරා තරග වට යකදී සහභාගී වු එක් තරග කරුවෙක් වු වසන්ත සොයිසාද තමා ගේ හැකියාව එදා පෙන්වුයේ අයිස් කුට්ටි විශාල පමානයක් හිසින් කඩමින්ය. එදා එක් විනිශ්‍ය කාර තුමෙක් පැවසුවේ එය සාමාන්‍යයෙන් ඔහුටද කළ හැකිය යන්නයි. සමහරක් විට ඔහුටද කළ හැකි වෙන්න පුළුවන් නමුත් ඒක නොවෙයි මෙතන ගැටලුව යමෙක් ඔහුගේ හැකියාව යම් කිසි කෙනෙක් ඉදිරියේ කර පෙන්නනවා නම් එම හැකියාවමම අපටද තිබිය හැකිය. නමුත් ඒ ඔහු කළ දේ අගය කිරීමක් හෝ වර්ණනා කිරීමක් කෙරුවොත් අපට යම් කිසි හෝ අඩු පාඩුවක් වනවාද?. එය තරගයක් වුවද විය හැකියි නමුත් ඔහු ගේ හැකියාව අප ඉදිරියේ ඉදිරි පත් කල පසු අපි ඔහුව අගය කළ යුතුය නමුත් ඔහුට අපි ලබා දෙන ලකුණු ඔහුගේ හැකියාව පමානවත් භව අනුව ලබා දිය යුතුය නැතුව ඔහුව හැල්ලු කිරිමක් නොකළ යුතුය නමුත් ඔහුගේ අඩු පාඩු පෙන්වා දීමට අපට හැකිය එමගින් ඔහුගේ හැකියාවද තව තවත් වැඩි දියුණු කර ගැනිමට පිටුවහලක් නොවෙන්නේද?. මෙම රූප වාහීනි වැඩ සටහනේ වුයේ මෙවැන්නක්ද?. නැත එදා වසන්ත සොයිසා අයිස් කුට්ටි කඩා පෙන්නුවෙ ඔහුට තිබෙන හැකිය වෙන් ය නමුත් පෙර කී පරදි එක් විනිශ්‍ය කාර තුමෙක් එය හැල්ලුවට ලක් කරුවේ ඔහුටද පුළුවන් යන්න කියමිනි ඉන් පසුව එම තරග කරුවාට එක් අභියොගයක් ද කරමනි එයනම් සිමින්ති 1 , වැලි 2 , හා ගල් 3 නක් නියම  concrete කලවමක් යොදා concrete ලෑල්ලක් කඩා පෙන්වන්න එතකොට එය මා පිලි ගන්නම් ඔබගේ හැකියාව කියා ය. නමුදු නියම හැකියාව ක් හා ආත්ම ශක්තියක් ඇති පුද්ගලයෙක් වු වසන්ත සොයිසා මෙය භාර ගත්තේ එය ඔහු ඉදිරියේ එය කර පෙන්න නවා ද යන්න කියමිනි. 
නමුත් කෙසේ හෝ මෙම ලංකා පුතු පසු ගිය දවසේ concrete  කැට දොලහක් හිසෙන් කඩා world Guinness record එකක් තැබුවේ අර පෙර කී විනිශ්‍ය කාර තුමන්ගේ අභියොගය ඉතා ඉහලින්ම ජය ගෙනය. කරාටේ උපදේශකයෙකු ලෙස හා සංචාරක හොටෙල් හිමියෙකු වන මොහු අනුරාධපුර නගරයේ පදිංචි කරුවෙකි.


 මෙයට පෙර නෝර්වේජියානු ජාතික නේටි ලැරට් සිමෙන්ති හා වැලි පමණක් යොදා සැදු concrete කැට හතක් කඩා තබා තිබු වාර්තාව කඩමිනුයි වසන්ත සොයිසා ගින්ස් වාර්තාවට හිමි කම් කියන්නේ. මෙයට පෙර මොහු විසින් 1998 ජනවාරී 10 වැනිදා උළු කැට 525 ශරීරයෙන් ගසා කඩා ලෝක වාර්තාවක්ද තබා ඇත. තවද මොහුට වසර 32 ක කරාතේ පිළිබදව පළ පුරුද්දක් ද ඇත.

එසේනම් අර පෙර කී විනිශ්‍ය කාර තුමනි මෙන්න ඔබගේ අභියෝගය ජය ගෙන ඇත එසේ නම් මෙය ඔබ පිලිගන්න වාද ?. තවද මෙවැනි රූපවාහිනී වැඩ සටහන් ලංකාව තුල කිහිප යක්ම තිබේ මේවායින් කෙරෙන්නේ දක්ෂ්‍යතා ඇති පුද්ගලයන් ලොවට හදුන්වා දීමයි. නමුදු හරිම දක්ෂ්‍යතා ඇති පුද්ගලයන්ද ඇත්තටම මේවැනි වැඩ සටහන් වල හා විනිශ්‍ය තුලින් ලොවට හදුන්වා දෙන්නේ. අද එයට හොදම පිළිතුරක් වන්නේ වසන්ත සොයිසා ය. ඔබ සියලු දෙනා මෙම වැඩ සටහන එදා බැලු වේ නම් ඔබට ද මෙවැනි වැඩ සටහන් පිලිබදව කල කිරිමක් ඇති වෙනු ඇත. අවසාන වශයෙන් ද කිව හැක්කේ සියලුම රූප වාහිනි වැඩ සටහන් මේ හා සාමානය .
ස්වාධීන රූපාහිනියේ S.....................L වැඩ සටහනේ විනිශ්‍ය මන්ඩලය තරමක හො වැදගත්ය ඔහුන්ගේ මහත්මා ගති ගුණ දක්නා ලද නිසා මෙය ලියන ලදි.  
   

Friday, September 11, 2009

ඩොලර් 2.77 ක් හෙවත් රුපියල් තුන්සියයේ සුපිරි පරිගණකය.

ඇත්තටම සුපිරි පරිගණකයකින් වැඩ කිරිමට සිතිමටවත් අපට නොහැකිය මන්ද මෙවැනි සුපිරි පරිගණකයක් තනා ගැනීමට රුපියල් වලින් නම් රුපියල් කෝටී ගණනක් වැය වෙන නිසාය. ලෝකයේද මෙ වැනි සුපිරි පරිගණක භාවිතා කරන්නන්ද සිටින්නේ කෝටි ගණනක් අතරින් කිහිප දෙනෙකුය. මෙ වැනි පරිගණක යක් හිමි ආයතනයක සේවය කිරිමට ලැබෙන පුද්ගලයාත් වාසනා වන්තය. මෙ වැනි පරිගණකයක් සාදා ගත්තද එය නඩත්තු කිරිමට වැයවෙන මුදලද මෙය ලබා ගන්නා මුදල මෙන්ම වැය වේ. නමුත් අපට නම් මෙය හීනයක් පමනක්ය. කෙසේ නමුත් මෙම සියලුම බාධක මග හරවමින් ලෝකයේ ඕනෑම කෙනෙකුට සුපිරි පරිගණකයකින් වැඩ ගන්නට දැන් අවස්ථාවක් ලැබී තිබේ.
 මෙම අවස්ථාව ලබා ගැනිමට නම් සුළු මුදලක්ද වැය කිරිමට සිදුවේ නමුදු මෙම මහගු සේවාව සපයන ඇමරිකාවේ ඉන්ටරැක්ටිව් සුපර්කොම්පියුටින් සමාගම පවසන්නේ අද පරිගණකය හා ඉන්ටනේට් භාවිතා කරන පුද්ගලයින් තමන්ගේ කාලය ගොඩක් අපතේ හරිනවා මෙම අපතේ හරින කාලය තුල වැදගත් වැඩක් වැදගත් විදිහට විනාඩි කිහිපයකදී කරගන්න ලැබෙන වනම් කොච්චර වැදගත්ද එසේනම් අපි මේ මහගු අවස්ථාව ලබා දෙන්නේ ඔහුන්ටත් ලෝකයටත් ගොඩක් දේ ඉතිරි කරන්නටය.ඒ මොහුන්ගේ මතයයි.
කෙසේ වෙතත් මෙම සේවාව ලංකාවේ අප ලබාගන්නේ නම් පැයකට ඩොලර් 2.77 ක් හෙවත් රුපියල් තුන්සියක් මෙම ආයතනයට අපට ගෙවීමට සිදුවේ මෙම මුදල ලොව සිටින සෑම පුද්ගලයෙකුටම පොදුය.මෙම  සේවාව සපයන සුපිරි පරිගණකයේ ඉන්ටෙල් ක්වඩ්කෝර් පොසෙසර් 168 ක් තිබේ. ඉතින් යම් පුද්ගලයෙකුට මෙම සුපිරි පරිගණකය පැයකට බදු ගැනීමට අවශ්‍ය නම් එම සේවාවද මොහුන් සපයයි. නමුත් මෙමෙ පැයේ බදු ගැනීමට නම් තරමක මුදලක් වැය කිරිමට සිදු වේ. එම මුදල වනුයේ ඩොලර් 465 ක් නැතහොත් රුපියල් වලින් නම් පනස් දහසක් වැනි මුදලකි. මෙම සුපිරිපරිගණකය ලබා දෙන සේවාව හදුන් වන්නේ ස්ටාර්-පී ඔන්-ඩිමාන් හෙවත් එස්පීඕඩි කියාය. මෙම කරමනයේදී තමන්ගේම පරිගණකයේ තිබෙන ඕනෑම මෘදුකාංගයකින් වැඩ කරන්නට පුළුවන මෙම සමාගම විසින් වැඩ කළ යුතු මෘදුකාංග ලබා දෙන්නේ නැත මොහුන් ලබා දෙන්නේ සුපිරිපරිගණකයේ සැකසුම් බලය පමණි.
මෙහිදී පරිශීලකයාට තමන් සතු තොරතුරු සමුදාය මෙම සේවාදායකයා ලබා දෙන උපදෙස් අනුව යමින් සුපිරිපරිගණකයට ඔෆ්ලෝඩ් කරන්නට පුළුවන ඉන්පසුව මෙම සේවාදායකයා විසින් සුපිරිපරිගණකයෙන් එම තොරතුරු සකසා පාරිශීලකයාගේ පරිගණනයට ලබා දේ.
මාගේ අදහසනම් මෙවැනි සුපිරිපරිගණකයකින් විනාඩි කිහිපයක හෝ අත්හදා බැලිමක් වශයෙන් යම් කිසි වැඩක් කර බැලීම සුදුසුය. මන්ද සුපිරිපරිගණකයක කාර්‍ය නැත්නම් වැඩ කොහමද කියා අපට බැලිය හැකිය තවද අප එතකොට සුපිරිපරිගණකයක් කියන්නේ කුමක්ද කියලා දැන ගනිමට හැකි වෙනවා නේද?.
නමුදු අප ඉදිරියේ තිබෙන පරිගණකයෙන් අපි වැඩ ගන්නේ සියයට එකකි එසේනම් අපි මෙම ඉතිරි සියයට අනු නවයම බාවිතා කරන්නේ නම් අපගේ පරිගණකයත් සුපිරිපරිගණගකයක් නොවන්නේ ද?. ඔබගේ අදහස කුමක් ද?.
ඔබට මෙම ‍සුපිරිපරිගණකයේ විනාඩඩි කිහිපයක් නොමිලේ වැඩක් කර බැලීමට උත්සහ කළ හැකිය ඔබත් උත්සහා කර බලා කැමතිනම් ඔබගේ අදහස මෙහි දමන්න මෙන්න තැන උත්සහා කරලා බලන්න නොමිලේ පැය හතරක පුහුණුව සදහා . එස්පීඕඩී සුපරි යකා. මෙය පැය හතරේ පුහුණුව සදහාය. 
මෙයට කිලික් කරන්න නොමිලේ යමක් කර බැලීම සදහා
 මෙම සේවා වලට යාමේදී අවශ්‍ය තොරතුර වෙනස් වී තිබිය හැකිය එම නිසා ඔබට හැකිනම් වඩාත් හොදය මෙම මුලීක වෙබ් අඩවියට පිවිසීමයි.අද දිනයේ පලවන තොර තුර හෙට වෙනත් තොරතුරකට මාරු වී තිබේ එම නිසා මෙම මූලීක වේබ් අඩවියටම පිවිසීමෙන් ඔබට වඩාත් වැදගත් වේ එම නිසා මුලීක වෙබ් අඩවියට පිවිසෙන්න


familiar desktop tools diagram - click to enlarge

                                              



 


         Asus P6T7 WS SuperComputer


 


 

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ