සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Friday, October 23, 2009

මිනිස් භවින් ඉපද මිනිස් නමටත් නිගා කරන පා සතරක් නැති තිරිසන් සතුන්.

බුදු දහමේ සත්‍ය නොදත් මිනිස් භවයේ තිරිසන් සතුන්



යලිදු වඩිනු මැනවි බුදු සමිදුfKa!.

පසු ගිය ඔක්තොම්බර්  15 වැනිදා කොළොම්බියාවේ පැවති විලාසිතා දැක්මක් අතරතුර මහපොළව නුහුලනා මෙවැනි අපරාධයක් දැකගන්නට අප පව් කර තිබුණා විය හැකිය 'එහි විලාසිතා දැක්මට එක් වෙමින් යට ඇදුම් වලින් පමණක් සැරසී සිටින මෙම කාන්තාවන් දෙදෙනා සිය විලා සිතාවට බුදුරජාණන් වහන්සේගේ රුවද එකතු කරගෙන තිබීම ලොවැසි
fn!ද්ධයන්ගේ සංවේගයට කරුනක් නොවන්නේද' එහිදී මෙවැනි ls%යා අහඹු ls%යාවන් ලෙස සිතා එක වර බැහැර නොකළ හැක්කේ ආගමික ශාස්තෘවරයෙකු පිළිබදව යම් දළ හෝ අවබෝධයක් මෙම ls%යාවන් පිටුපස සිටින මිනිසුන් නොදන්නේ යැයි සිතිය නොහැකි බැවිනි මෙවැනි වෛශ්‍යාවන්ගේ කුණු පංචස්කන්ධයන් මත බුදුරුව හොවා ඊට නිගා කිරීමට කිසිවෙකු සිතා මතා හෝ උත්සහා කරන්නේ නම් ඊට බුදුරජාණන් වහන්සේගේ අනුකම්පා කරනවා මිස වෛර කිරීමක් නොකරන බව නම් සැබැවකි'


අප බුදුසමිදුණේ නැවතත් ඔබ වහන්සේට මහා පෙළහර පැමට කාලය එළබ ඇතැයි මට සිතේ' පයට පැගෙන කුහුඹු පැටවකුගේ අවසානය විද දරා ගන්න නොහැකි බෙ!ද්ධ වන්නා වු අපට මහාපොළව නුහුලන්නාවු මෙවැනි අපරාධයන් කෙසේ නම් විද දරා ගන්න ද එසෙනම් ඔබ වහන්සේ මෙවැනි අපරාධ දිවැසින් දුටු නිසාවෙනිය වෛර කරන්නාට මෛති% කරන්නට යැයි වදාලේ' කෙසේ වෙතත් අවි ගත්තෝ අවියන් නැසෙනම් මෙවැනි අපරාධ වලටද පිළිතුරයක් අපට නො ලැබෙන්නේ ද@' 

මෙවැනි කි%යාවන් වර්ථා වීමේදි ඒ පිළිබදව එ රට වල් හෝ එවාහී තනාපති කාර්යාලයන් දැනුවත් කිරීමේ වගකීමක් බෙ!ද්ධ රාජ්‍යක් ලෙස ශී% ලංකා ආන්ඩුවටද යුතුකමක් පැවරී ඇති බව පැවසිය යුතුය'


බුදු හාමුදුරුවො අපිත් දකින්න ඇති       

බණත් අහන් ඇති ඒ කාලේ''''''''''''
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තවමත් සංසාරේ''''''''''''''''''' ' 






බුදු දහමට නිගා කරන නිෂ්පාදන
 

  



Friday, October 16, 2009

ඔක්තොම්බර් 22 වැනිදා වෙළෙදපොළට එන පරිපුර්ණ ජංගම පරිගණකය.

Asus සමාගම විසින් Macbook මාදිලියේ සුවිශේෂී පරිගණකයක් වෙළෙදපෙළට නිකුත් කිරීමට සැරසෙයි. Intel atom N330 Dual Core පොසෙසරයකින් බල ගැන්වෙන මෙම පරිගණකයේ NVIDIA ION ගැෆික් තාක්ෂණය යොදාගෙන ඇත. එමෙන්ම Optical disc drivers රැසක් සම්බන්ධ කළ හැකි වීම මෙන්ම පික්සෙල් රෙසලුෂන් 1080 පැහැදිලි රූප ලබාදෙන LCD තිරයද මෙම පරිගණකයේ USB 2.0 කෙවෙණි 6 ක් වෙයි. එමෙන්ම Sd card reader සහ eSATA සම්බන්ධ තාවයක්ද මෙහි ඇතුලත්ය. 802.11N Wifi තාක්ෂණය මෙන්ම Gigabit Ethernet link එකක්ද සහිතය.පැහැදිලි දසුන් මෙන්ම පැහැදිලි හඩක් ලබාදීම වෙනුවෙන් 5.1 dolby audio S/PDIF output එකක්ද මීට යොදාගෙන තීබේ. එමෙන්ම සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගණකයක් සමග සැසදීමේදි සියයට 70වකටත් වඩා අඩු විදුලි බලයකින් වැඩකරන Asus EeeBox EB1501 පරිගණකය ඔක්තොම්බර් 22 වැනිදා වෙළෙදපොළට හදුන්වාදීමට නියමිතය. එහිදී වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය සහිතව වෙළෙදපොළට පැමිණෙන බව පැවසෙයි. මෙහි මිල ඇ.ඩො. 600 ක් පමණ වෙනු ඇතැයි විශ්වාස කෙරෙයි.












Monday, October 5, 2009

පෑනක් තුළ සැගවූ නවීනතම පරිගණකයක් ( ඔන්න ලැප්ටොප් එකටත් අඹ සරණයි).

මේ අපුරු උපාංගයත් සමග ලැප්ටොප් පරිගණක අභාවයට යන ලකුණු.
                  
http://www.computerservicenow.com/images/pen-computer6.jpgබැලු බැල්මට අපට මෙය පෙනෙනු ඇත්තේ පෑනක් ලෙසට ය. කැමරාවක් සවි කළ පෑනක් ලෙසට ද මෙය දැකිය හැකිය. මෙහි ඇති විශේෂත්වය කුමක්දැයි ඔබට පුරස්නයක් විය හැකිය . එසේ වුවත් මෙය නවීන තාක්ෂණයේ මහිමය කියාපාන අපුරු නිමැවුමකි.  මෙම අපූරු සොයා ගැනීම වෙළදපොලට එකතු වීමත් සමග දැනට බෙහෙවින් ජන m%sය වී තිබෙන 'ලැප්ටොප්' පරිගණකය මුළුමුනිම්ම මිහිතලයෙන් තුරන් වී යාමේ අවදානමක් පවති. ඒ මේ අපුරු උපාංගය ලැප්ටොප් එකටත් වඩා වැඩිදියණු කළ පරිගණක යකි. සාක්කුවේ රුවාගෙන යා හැකි පෑනක ආකාරයෙන් නිර්මාණය කරන්නට සැලසුම් කොට ඇති මේ පරිගණකය අනිවාර්යෙන්ම ලෝකයේ තාක්ෂණ විප්ලවයකට මුල පුරනු ඇතැයි දැන්ම අනාවැකි පළ වී තිබේ.

බැලු බැල්මට ම අපට නැගෙන පළමු m%ශ්ණය නම් මෙම කුඩා උපාංගය තුල අපි‍ට පරිගණකයෙන් දකින සියලුම අංගයන් ඇතුළු කරන්නේ කෙසේ ද යන්නයි . එනම් මෙම පරිගණකයේ මුසිකය, යතුරුපුවරුව, මොනිටරය  ඇත්තේ කොතැන ද යන්නයි . මෙහි එය සිදු කෙරෙන්නේ බ්ලුටූත් තාක්ෂණය හරහාය. ඒ අනුව මේ පරිගණකය මුළුමනින්ම බ්ලුටූත් තාක්ෂණය මත රදා පවතින අපුර්වතම නිමැවුමකි.


http://www.plasticbamboo.com/wp/wp/wp-content/uploads/pen_computer.jpg
      

Japan Computer 


මෙය භාවිතා කිරීම සදහා අවශ්‍ය කරන එකම දෙය පැතලි පෘෂ්ඨයක් පමණි. මේ පෑනක් වැනි උපකරණයෙන් ඕනෑම පැතලි පෘෂ්ටයක් මත පරිගණක තිරයක් සහ යතුරු පුවරුවක් මැවිය හැකිය එවිට එය පෙනෙන්නේ ඡායාරූපවල දැක්වෙන ආකාරයෙනි. මේ යතුරු පුවරුව මත සාමාන්‍ය පරිගණකයක මෙන් ඕනෑම දෙයක් ලිවිය හැකි වෙයි. පරිගණක තිරයේ ද, සාමාන්‍ය පරිගණක තිරයක පවතින ඕනෑම දෙයක් නොඅඩුව දැක ගත හැකිය.

Japan Computer

මොවුන් පවසන අන්දමට තවදුරටත් ලැප්ටොප් පරිගණක ගමන්මලුවල බහාගෙන පිටේ එල්ලාගෙන තැන තැන ගෙන යාමට අවශ්‍ය නොවේ සමාන්‍යයෙන් රාජකාරීයට එන විට පෑන සාක්කුවේ දමාගෙන ගෙනෙන ආකාරයට පරිගණකය ද ඔබට ගෙන යා හැකි වනු ඇත. මේ සමගම දැනට මේසය මත ඇති පරිගණකය පමණක් නොව උකුල මත තබාගෙන සිටින ලැප්ටොප් පරිගණකයට ද ළගදීම ආයුබෝවන් කීමට සිදු වනු ඇති යන්න ය.  


http://www.4stateservice.com/pen%20computer1.jpg


Friday, October 2, 2009

සෙබළ සිතුවිලි.

සෙබළ සිතුවිලි


නිජ බිම අපේ , සතුරන් ඇයි පැරදුනේ
සොදුරුයි අපේ සිත් , දැන් ජය බිමේ
බර අවි දරා ගත් දෑතින් අපේ
රැක ගන්නවා සත්තයි මව් රට මගේ,


සතුරන් කිවු දේ , අප බොරු කළා          
එඩි බල අපේ , සිත් තුල ඇත තෙරපිලා
කවුරුන් කෙසේ කීවත් අප කල මුලා
දෑසින් පෙනේ දැන් දැන් උන් පැරදිලා


ජන හඩ සිතින් ගත් අප පුබුදමින්
මහමෙර ලෙසින් නිබදව පසු පස එමින්
ලක් මව් සනසන පුතෙකුව උපන්
ඔබමයි මහා විරු ජනපති තුමන්


මහ ඉදු රජ පස අප නුබ නමින්
දිවි පුදහට වුව කම් නෑ ඉතින්
අප මෙන් සැල දන නුබගේ නමින්
දුටුගැමුණු ඔබමයි ඉපදුනු කලින්

සමිත කැලුම් ලක්මනආරච්චි
වැල්ලරාව බිංගිරිය.


අප ලක් මෑණිය වීර සෙබලුන් විසින් සම්පුර්ණයෙන්ම සතුරන්ගෙන් මුදා ගැනීමට සති දෙකකට පෙර දිනයක දී මා හිත මිතුරු සමිත කැලුම් සොයුරාගේ දෑතින් ලිය වුණ පද්‍ය කිහිපයකි මේ. මේ නිර්මාණය මා අතට ලැබී බොහො කලක් ගත වුවද මෙය මාගේ බ්ලොග් එකට දැමීමට කල් ගත වුයේ ඔහුගේ අවසරය ඇතිව දැමිමට අවශ්‍ය හෙයනි. අනුන්ගේ නිර්මාණයක් අපගේ කර ගන්නවාට වඩා එම නිර්මාණය අගය කර නිර්මාණය කරන තැනැත්තාද සදහන් කොට යමකට එය දැමීම සුදුසුය. 


Thursday, October 1, 2009

ජංගම පරිගණකයට ගැළපෙන මවුසයක් (මුසිකය).

    පරිගණකය ජංගම වුවාට ඊට සම්බන්ධ කෙරෙන අනෙකුත් උපකරණයන්ද ජංගම ස්වරූපයෙන් පවතින්නේද යන්න ගැටලුවක් පවතී. බොහෝ විට ලැප්ටොප් පරිගණකය භාවිතයේදී ඊට මවුසයක් සම්බන්ධ කර ගැනීමද ජංගම පරිගණකයකට එකතුවන අමතර උපාංගයකි. නමුත් මෙහෙදී මවුසය වඩාත් ජංගම ස්වරූපයක්  ගැනීමෙන් එය වඩාත් පහසුවෙන් එහා මෙහා ගෙන යාමට හැකිවෙයි. මේ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන verbatim සමාගම විසින් විශේෂයෙන්ම ජංගම පරිගණක වලට ගැළපෙන මුසිකයන් වර්ග තුනක් හදුන්වා දී තිබේ. සැහැල්ලු නිමාවෙන් යුතු මේවා ඇතැම් විට රැහැන් රහිතවද සම්බන්ධ කළ හැකිය.මෙහිදි මුලින්ම කියවෙන easy riser notebook optical මවුසය රැහැන් සහිතව යු එස් බී මගින් සම්බන්ධ කළ හැකිය.මෙය ඇමරිකන් ඩොලර් 20 කට මිල නියම කර ඇත. easy riser bluetooth notebook laser මවුසය බ්ලුටූත් තාක්ෂණය ඔස්සේ බාවිතා කිරිමට හැකි වේ. මෙය ඇ.ඩො. 40 කට මිල නියම කර ඇත.    
   
verbatim-easy-riser-adjustable-mice

easy riser wireless laser මවුසය රැහැන් රහිතව සම්බන්ධ කරෙන අතර එය nano receiver එකක් සහිතව ඉදිරිපත් කර ඇත. මෙය ඇ.ඩො. 35 කට මිල නියම කර ඇත. 


ඇතුල්වීමේ කාඩ් වලින් හෝටලයක් සාදයි.

කී-කාඩ්ස් හෙවත් ඇතුල්වීමේ කාඩි පත් වලින් හෝටලයක් සාදා ඇතිබව සදහන් කළොත් එය පුදුම සහගත කරුනකි. කීකාඩ්ස් 20,000ක් යොදාගෙන වර්ග අඩි 400ක් විශාල හෝටලයක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ හොලිඩේ ඉන් හෝටලයේ නිර්මාණය කෙරිණ.මෙය නිර්මාණය කර ඇත්තේ හොලිඩේ ඉන් හෝටලයේම සේවය කරන සේවක පිරිසකි.

රූප සටහන්























Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ