සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Monday, August 31, 2009

මුරුසිය ට ගිය ගමනෙදි ඇහැලේපොල නිලෙමෙ තුමාගේ සොහොන් කොත ලගදී හමු වු අරුම පුදුම ගැහැනිය.(කවුරුත් කියවිය යුතු ලිපියක්)

 මුරුසි චාරිකාවේ වැදගත් තැන් 1 කොටස.


ඔන්න වෙච්ච දේ කියන්නයි යන්නේ මේක බොරුවක් නෙමෙයි. ඔන්න ඉතින් අපේ අනිත් කට්ටියත් එක්ක අපි මුරුසියේ තියෙන වැදත් තැන් බලන්න පිටවුනා. අපි ඉස්සර වෙලාම ගියේ ඇහැලේපොල නිලෙමෙ තුමාගේ සොහොන් කොත හා ඔහුව රදවා තබාගත් සිර මැදිරිය බලන්න. එතුමාගේ සොහොන් කොත බලන්න යනකොට අපිට පොඩි ඔත්තුවක් දුන්නා අපේ කෙනෙක් කියන්න ඕනේ නැහැනේ එයා ලංකාවේ කියලා ඇයි කියලා දන්නවානේ නේද ලංකාවෙ ඉතින් අබිලිං ගොයියලා වැඩියිනේ. ඔය කොත ලගට එනවා ගැහැනු කෙනෙක්" බනිස් ගෙඩියකුත්, වතුර බොතලයකුත්, මලක් හා ඉටිපන්දමක් අරන් ආ එයාගේ පුතත් එක්ක එන්නෙ" බලන්නලාකො එයා කරන දෙ කියලා තමයි අබලියා අපට කීවේ.


අනේ පැයක විතර ගමනකින් පසුව අවා ඔය කියන තැනට අර ගැහැනු කෙනා කරන දේ තමයි හැමොටම බලන්න ඕනා. ඇය එන්නේ හවස් වරුවේ තව පැය දෙකක් වත් බලන් ඉන්න වෙනවා. මොනාද කරන්නේ කියලා බලන්න.ඔන්න ඉතින් ඇය එනකන් අපේ අය කඩේ ඇරෙගෙන ඉන්නවා මම ඉතින් හිතුවා මතක හිටින්නත් එක්ක photo ටිකක් ගත්තොත් නරකද කියලා. හලෝ.....හලෝ..... කියන එකෙන් පොඩියට photo ටිකක් ගත්තා බලන්නකෝ ඔයාලත් ඊට පස්සේ කතාව කියන්නම්කෝ.



මෙන්න මේ බෝඩ් එක ලග තමයි සොහොන් කොත තියෙන්නෙ.
  
මෙන්න මේක තමයි සොහොන් කොත
 
 
 
පිට පැත්තෙනම් සිංහල අකුරෙන්ම ලියලා තිබුනේ
  
  
ඔන්න මගේ වැඩෙත් ඉවරයි මමත් ඉතින් අනිත් අයගේ කේලම් ටික අහ අහ හිටියා. මෙන්න බොලේ "ඩිබි.....ඩිබි....ර්.....ර්" ගලා අවා බුරුවෙක් වාගේ බයික් එකක්. අනේ වයස 50ක විතර ගැහැනු කෙනෙක් විනාඩි 5ක් පමණ ඔට්ටු වෙලා බැහලා එනවා හරි හදිස්සියෙන් අපිත් නැකිට්ටා සුනාමිය එනවා වාගේ. අපි මෙච්චර වෙලා බලන් හිටියේ මෙයා එනකන් තමයි. මෙන්න වැඩේ අපේ හරක් ටික සේරමලා කැමරා දික් කරගෙන අර ගැහැනු කෙනාට ආපු වැඩෙත් අමතක වෙලා. මම කියුවා දෙන්නෙක් ගත්තහම අනිත් අයටත් කොපි ගන්න පුළුන් කියලා. 
දැන් ඔන්න ඇයත් වැඩේ පටන් ගත්තා මෙයා ආපු ගමන්ම තිබ්බා අර ගෙනාපු මල තියලා ටිකක් වෙලා මෙනවාද මිමුනලා ආයේ බනිස් ගෙඩියක් අරන් තිබ්බා සොහොන උඩ්න්. මෙන්න ‍බොලෙ මෙයා සොහොනට වතුරත් දනවා. අපේ අබිලියා කියපුවා ඇත්ත එහෙනම් නේද. ඔයාලත් මේ රූප ටිකත් බලලාම ඉන්නකෝ.
බනිස් ‍ගෙඩිය තබා ඇති අයරු 

ඇයගේ මිමිනීම 

වතුර දමන අවස්ථාව 



 
නැවතත් ඇය සිටගෙන ඇයගේ මිමිනීම පටන් ගත්තා විනාඩි පහලවක් විතර මෙය එම ඉරියවුවෙන් හිටියා. මෙන්න මෙයා යන්න යනවා අපේ කොල්ලෙක් ඇයත් සමග කතා කරන්න බොහම උත්සහ ගත්තා ඇය එක පුරස්නයකට විතරක් උත්තර දුන්නා. " ම්ස් ඔබ මේ කරන කටයුත්ත මෙකද්ද, මොකද්ද ඔබලාගෙයි මෙයයි අතර බැදීම" මෙන්න උත්තරය " දරුවො ඒක ගොඩක් දිග කථාවක් සමාවෙන්න ගිහිල්ලා එන්නම්" ඔන්න ඉතින් අපට ඇයගෙන් දැන ගන්න ලැබුනේ ඔච්චරයි. 
 
ඇය බැලු බැල්මටම ලංකාවේ ගැහැනු කෙනෙක් වගෙයි නමුත් මම ස්තීරවම කියනවා ඇය මුරුසි රටෙ කන්තාවක්. ඔන්න ඔය කුතුහලයත් අරන් අපි ගියා නිලමෙ තුමා රදවා තැබු සිර මැදිරිය බලන්න. රූප සටහන් ටික දලා ලිපිය නවත්වන්නම් හොදේ. අර කානතාව ගැන එහිදිත් උත්සහා කරා තොර තුරු සොයන්න ඔවුන් දන්නෙත් අපි දන්න දේම තමයි. අවාසනාවකට වාගේ ඇය ඉන්න ඉසවුවක්කත් මොහුන් දන්නේ නැහැ. ඇය ගේ පිරිමි දරුවා කලු ජාතිකයෙකුට සමානයි යන්න සොයා ගැනිමට පුළුවන් උනා.
 රූප සටහන් සිරමැදිරියෙහි.
 
 
  
  
  
  
ඔන්න මේ ලිපිය ඉවරයි ඊලග එකෙන් ලොව ලොකුම නෙළුම් මල් හා නෙළුම් කොලයි පාට හතේ වැලි කන්දයි ගැන ලියන්නම්කෝ මේවා දැක්කෙත් මුරුසියට ගිය ගමනේම තමා.
   

Sunday, August 30, 2009

මේ රූපය ගැන ඇත්ත නැත්ත දන්න කෙනෙක් ඉන්නවදෝ.


මෙ ඡායාරූපය මට හම්භ උනේ යාලුවෙක් ළග තිබිලා මෙක ඇත්තක්ද බොරුවක්ද කියලා තාම විසද ගන්න බෑ මේ රූපය ගැන ඇත්ත නැත්ත දන්න කෙනෙක් ඉන්නවානම් අනේ මට පොඩ්ඩක් කියනවද. මොකද මේ වාගේ දෙයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.





මේ ගැන අදහස් පහත ඇති Cbox එකෙහි දමන්න හොදේ. නැතිනම් tonali28@gmail.com එකට හරි එවන්න.

Saturday, August 29, 2009

ඉගිලෙන ගුවන් යානයේ තටුමත ගමන



පියාසර කරන ගුවන් යානයක තටුවක් මත ගමන් කිරිම නිර්භීත සිතක් ඇත්තෙකුට මිස සෙස්සෙකුට නම් කළ නොහැකිය. අට හැවරිදි දරුවෙකු විසින් එය කරන ලද බව කිවහොත් එය කිසිවෙක් විශ්වාස කරන්නේද නැති තරම්ය. 

එය කෙසේ වෙතත් මෙය මෙ වනවිටත් වාර්තාවක් වී හමාරය. මෙම දරුවාගේ මව් පාර්ශ්වයේ සීයා වන 61 හැවරිදි වික් නෝර්මන් විසින් පියාසර කරවන ලද පියාපත් දෙකක් සහිත ගුවන් යානයේ පියාපතක් මත නැගී යාමෙන් වාර්තාවක් තබන ලද්දේ අට හැවරිදි ටයිගර් බෘවර් විසිනි. පොළවේ සිට අඩි 500ක් ඉහලින් පැයට සැතපුම් 120ක වේගයෙන් විනාඩි පහක කාලයක් පියාසර කළ ගුවන් යානයේ පියාපත මත සිටගෙන සිටිනු ඔහුගේ මවත් පියාත් බිම සිට බලා සිටියේ ආඩම්බරය පිරුණු දෑස් වලනි.


රූප සටහන් 








 

Wednesday, August 26, 2009

Peer to peer මෘදුකාංග මගින් අන්තර්ජාල ය හරහා දත්ත හුවමාරුව අන්තරාදායකද?.



අන්තර්ජාලය හරහා සංගීත, විඩීයෝ දර්ශණ මෙන්ම නොයෙකුත් මෘදුකාංග ලබාගැනීම අප සාමන්‍යයෙන් කරන දෙයකි. ඒ සදහා Bit torrent"Morphen, Kazza, Napster හා Guntella වැනි වැඩසටහන් යොදාගනී. මෙවැනි වැඩසටහන් සදහා භාවිතා කරනුයේ Peer to peer Network එකකි. මෙම Network එකෙහි ඇති විශේෂත්වය වන්නේ අපට අවශ්‍ය කරන්නාවු files download කරගැනිම සදහා මෙම ජාලයට සම්බන්ධ වී ඇති දහස් ගණන් පරිගණක යොදා ගනු ලැබීමයි.

 මේ හේතුව නිසාම ඉතාමත් ඉක්මණින් හා පහසුවෙන් අවශ්‍යය වන්නා වු files download කරගත හැකිවෙයි. මෙම වාසිය නිසාම බොහෝ දෙනෙකු Peer to peer මෘදුකාංගය භාවිතා කළද ඒවා මගින් සිදුවෙන අවාසිද නැතුවාම නොවේ. එනම් මෙවැනි Network එකක් හරහා වෙනත් කෙනෙකුට වුවද අපගේ පරිගණකයේ ඇති දත්තයන් කියවීමට හැකියාව ලැබේ.


මෙහිදි සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ තම පරිගණකයේ එක් folder යක් පමණක් බෙදා ඉඩකඩ ලබාදීම කළ යුතුය.එසේ නොමැතිව සම්පුර්ණ Hard disk එකම (share) නොකළ යුතුය. මෙසෙ (share) කරගනු ලබන folder තුළ තිබෙන්නා වු දත්තයන් පිළිබදව අප සැලකිලිමත් විය යුතුය. Peer to peer මෘදුකාංග භාවිතා කිරිමේදි අවධානය යොමු කළයුතු තවත් කරුණක් වන්නේ මෙම වැඩසටහන් මගින් download කරන files සමග spyware හා adware පැමණිමයි. මෙ අතර මෙම වැඩසටහන් මගින් ලබාදෙන නීතිවිරෝදි කිසිවක් අප භාගත කර ගැනිම නොකළ යුතුය.


මෙවැනි Peer to peer මෘදුකාංග නිසා සිදුවිය හැකි තවත් අවධානමක් වන්නේ අපගේ පරිගණකය කුඩා දරුවන් හෝ වෙනත් පුද්ගලයින්ද භාවිතා කිරිම නිසා සිදුවන බලපැමයි.එය නම් ඇතැම් විට අප නොදැනුවත්වම Peer to peer අපගේ පරිගණකයේ තිබිය හැකිය. මෙලෙස වැඩසටහනක් තිබියදි අපගේ අතිශය පුද්ගලික තොරතුරු (credit card no, bank accounts) ආදිය අන්තර්ජාලය හරහා භාවිතා කරයි නම් එම තොරතුරුවල රහස්‍යභාවයට යම් තර්ජනයක් මේ තුළින් ඇති කරයි. එසේනම් මෙවැනි අවස්ථා පිළිබද ව අපගේ අවධානය යොමු කොට පරිගණකය භාවිතා කිරිමෙන් Peer to peer මෘදුකාංගය මගින් අන්තර්ජාලය හරහා දත්තයන් හුවමාරුවෙන් වෙන අනතුරු අවම කරගත හැකිය.  

Monday, August 24, 2009

පරිගණකයේ හාඩ් එකෙහි ඇති බෑඩ් සෙක්ටර්ස් ඉවත් කරගමු......

හදිසි විදුලි ඇනහිටීම්වලදී කියවීමේ, ලිවීමේ හිස තැටිය මත හදිස්සියේ නතරවීම මගින් තැටි සීරීමකට ලක්විය හැකිය. එවිට එම ස්ථානය මත නැවත දත්ත තැන්පත් කළ නොහැකි තත්වයට පත් වේ. බෑඩ් සෙක්ටර්ස් ලෙස හදුන්වන මෙවැනි සිථාන ඔනෑවට වැඩි වු විට ඩිස්කය භාවිතයෙන් ඉවත් කරීම‍ට සිදුවේ. එදිනෙදා සමාන්‍ය කටයුතු කරන්නාක් මෙන් බෑඩ් සෙක්ටර්ස් ඉවත් කිරිමට නොහැක. නමුත් මේවා සගවා තැබිය හැක. මෙසදහා හාඩ් ඩිස්කය නැවත පාටිෂන් කිරීමේදි සම්පුර්ණ ඉඩ භාවිතා නොකර තැබීම කළ යුතුය. එවිට දෝෂ සහගත කොටස් අතහැර ඉතිරි කොටස පාටිෂන් ලෙස වෙන් වේ.  මේ සදහා පාටිෂන් මැජික් වැනි මෘදුකාංගයක් භාවිතා කළ හැක.

මෙවැනි හාඩ් ඩිස්කයක අත්‍යවශ්‍ය දත්ත පළමුව වෙනත් එකකට පිටපත් කිරීමට උත්සාහ කළ යුතුය. එසේ කළ නොහැකිනම් දත්ත නැවත ලබා දීම සදහා විශේෂයෙන් සකස් කල මෘදුකාංග හෙවත් රිකවරි ටූල්ස් මෘදුකාංගයක් භාවිතයෙන් ඒවා පිටපත් කිරීමට උත්සාහ කළ හැකිය.  

මැරෙන්න බයද? ඔබගේ ජිවීත කාලය දැනගන්න.

ඔයාලා කැමතිනම් ඔන්න මැරෙන දවස බලාගන්න පුලුවන්. හැබයි හිත ටිකක් අප්සට් වෙනවා ගනන්ගන්න එපා.


මම මේක කොපි කරේ විඩේසසේවා වෙබ් අඩවියෙන්.

Sunday, August 23, 2009

මොකද්ද මේ Morro කියන්නේ........

 
මොරෝ මෙය අලුත්ම Microsoft ඇන්ටිවයිරස් වැඩසටහනයි.



Microsoft සමාගමෙන් නොමිලේ දෙන ඇන්ටිවයිරස් වැඩසටහනක් ඉදිරිපත් කොට තිබේ. දැනට ඇමරිකාව, චිනය, බසීලය, සහ ඊශායලය යන රටවලට පමණක් ලබා දෙන මෙය ඉදිරි දින කීපය තුළදී ලෝකයේ අනෙක් රටවලට ලබා ගැනීමට පුළුවන් වන විදිහට සකසනු ඇත. ඒ, එය Microsoft නිල වෙබ් අඩවියෙන් (www.microsoft.com/security_essentials) ඩවුන්ලෝඩ් කර ගැනීමට පුළුවන් වන සේය. 
 
 මෙම නොමිලේ දෙන ඇන්ටිවයිරස් මෘදුකාංගයේ කේත නාමය මොරෝ ය. එහි භාවිත නාමය Microsoft සෙකියුරිටි එසෙන්ෂල්ස් යන්නයි.
මෙම මෘදුකාංගයෙන් මුලක වශයෙන් virus, spyware, ටොජන් හා රූට්කිට් යන නරක පරිගණක වැඩසටහන් වලින් ආරක්ෂාව ලබාදෙයි. මෙය එක්වරක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගත් විට එය ඉබේම අප්ඩේට් වෙමින් සේවය සලසයි.
 
මෙවැනි ඇන්ටිවයිරස් මෘදුකාංග කීපයක්ම සාමාන්‍ය මහජනයාට නොමිලේ ලබාදෙන සමාගම් කීපයක්ම ඇත.ඉන්ටනෙට් හරහා මේවා භාගත කර ගැනිමට පුළුවන්ය. මෙවැනි සමාගම් වලින් දැනටමත් ඉහල ගණයේ සේවයක් මහජනයාට සපයයි. Microsoft සමාගමේ උත්සහය වී ඇත්තේ මෙවැනි සමාගමුත් අභිබවා යැමටයි.
 
එය කෙසේ වෙතත් අද දවස වන තුරුත් තාම අනෙක් රටවල් වලට මෙම සේවාව ලබාදීමට Microsoft සමාගමට නොහැකි වී ඇත. කෙසේ නමුත් අපට මෙම මොරෝ අත්හදා බැලීමට ටික දිනක් බලාසිටිමට සිදුවණු ඇත.
 
 
රූප සටහන්(Early Morro build screenshot leaks).
 
 
 
  
  
  
  
  

 
 
 
 

Saturday, August 22, 2009

වැඩිහිටියන්ට ජීමේල් මෙන් දරුවන්ට හොදින් ගැළපෙන ඉ-මේල් සේවයක්. Has your child ever wanted an email address?

වැඩිහිටියන්ට ජීමේල් මෙන් දරුවන්ට හොදින් ගැළපෙන ඉ-මේල් සේවයක් වන්නේ සුබුය. සාමාන්‍ය ඉ-මේල් වැඩසටහනක තිබෙන සියලුම සේවා මෙහි ද ඇත.

මෙහි වඩා වැදගත් කාර්ය වනුයේ දරුවා විසින් සදා ගන්නා ඉ-මේල් ගිණුම සම්පුර්නයෙන්ම දෙමවුපියන්ට පාලනය කළ හැකි වීමයි.ගිණුමට එන සියලුම ඉ-මේල්, සුබුහි තිබෙන මේල් කිව්(the mail queue) තුල රදවා ගනී ඒ දෙමවුපියන්ට බලන්නටය.(සේවාව ලබා ගන්න ඉහත රූපයට කිලික් කරන්න). 

Has your child ever wanted an email address?   ZooBuh is safe email for kids and families.  Your child can now have a safe email account, giving you complete peace of mind.  Parents have the ability to control and monitor their children's activities from anywhere. 
ZooBuh can also help your child learn how to use a computer, learn how to type, improve spelling and communication skills.
As a parent, it's hard to manage your time while making sure your children are safe.  ZooBuh's features make it easier for you to concentrate on your other daily tasks while still being in control of your child's email.  ZooBuh makes controlling your child's online experience easier and safer.  With ZooBuh's parental controls, monitoring tools, and other features, you'll be able to ensure your child's safety while they communicate with others through the Internet.  Keeping online predators away from your children is only half the battle.  With ZooBuh you can ensure your children are only receiving contact from approved people and that they are only sending approved information to others.
What price do you put on the safety of your child?  Internet Safety should be taken seriously.   ZooBuh allows your child to interact with others in a fun, safe and easy to use environment.  ZooBuh is an excellent tool to help your child learn communication skills, learn how to express themselves, learn typing skills and assist your child in becoming familiar with computers and the Internet.  We are continually making efforts to make what kids want and what parents need at the lowest cost possible.

Friday, August 21, 2009

රහුමාන් ජැක්සන් වෙනුවෙන්.............

Michael Jackson






බොලිවුඩයේ විශිෂ්ටතම සංගීතවේදීයා ලෙස සැළකෙන ඔස්කාර් සම්මානලාභී ඒ.ආර්. රහුමාන් මේ දිනවල ව්යෝවු සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් වෙනුවෙන් නිර්මාණය කළ ගීත ඇතුලත් ඇල්බමයක් වෙළෙද පොළට නිකුත් කිරීමට සුදානම් වෙයි. රහුමාන් ජාත්‍යන්තර සංගීත ලෝකයේ විශිෂ්ටතම සංගීත අධ්‍යක්ෂකවරුන්ද මේ සදහා සහභාගී කර ගැනීමට බලාපොරොත්තු වෙන අතර එම ගීත ඇල්බමය ඉතා ඉක්මනින් ජාත්‍යන්තරයට නිකුත් කිරිමට ඔහු බලාපොරොත්තුවෙන් පසුවේ. මයිකල් ජැක්සන් වියෝවිමට පෙර රහුමාන් සමග ගීත කීපයක් නිර්මාණය කර ඇති අතර එම ගීත වැඩි කොටසක් තවමත් සංගීතලෝලීන් අතරට ගොස් නොමැත.

මේදිනවල රහුමාන් ඔස්ටේලියාවේ සංචාරයක නිරතව සිටන අතර ඔස්කාර් සම්මාන දිනු "සල්ම්ඩෝග් මිලියනර්" ‍Film එකද මේ දිනවල තිරගත වෙමින් පවතී.

මෙය තරුණයා පුවත් පතහි ලියවුණ ලිපියකි.



 







Thursday, August 20, 2009

ළමා මධ්‍යවේදී ඩේමන් සමග ඔබාමා පැවත්වු පිළිසදර.

ළමා මධ්‍යවේදී ඩේමන් සමග ඔබාමා පැවත්වු පිළිසදර


ඩේමන්ගේ සෑහෙන කාලයක සිට සිතේ තිබුන එක් සිහිනයක් වු තම රටේ නායකයා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමයි. මොහු මේ වන විටත් ඇමරිකාවේ විශේෂ පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා ඇත. නමුත් මාස ගණනක උත්සහයකින් පසුව බැරක් ඔබාමා සමග  සම්මුඛ සාකච්ඡාවකට පැමිනීමට මොහුට හැකිවිය. මොහුගේ පාසල වු ෆ්ලොරීඩා හි කැත්රීන් කනිම්හැම් මුලීක පාසලේ පවත්වාගෙන යන රූපවාහිනී මධ්‍යස්ථානයට ඔබාමා පැමිණියේ පුංචි ඩේමන්ගේ සිහිනය සැබැ කරමිණි.


ඩේමන් සම්මුඛ සාකච්චාව පැවැත්වීමට පැමිණි විගස ඔබාමා පුංචි මාධ්‍යවේදියා අමතා "ඔබ ඔය ඇදුමට හරි හැඩයැයි" සිනාමුසු මුහුණින් පවසා ඇත. විනාඩි දහයක කාලයක් පැවති මෙම සකච්ඡාව යු-ටියුබ් වෙබ් අඩව්යේ උණු කැවුම් මෙන් එවලේම බෙදා හැරුණු බවද පැවසෙයි.

ඩේමන් ඔබාමාගෙන් පළමුව අසා ඇත්තේ නව රැකියාව ගැනය. මෙහදි ඔබාමා පවසා ඇත්තේ එය තමා උද්දාමයට පත් කරන රැකියාවක් බවයි. ඩේමන් තම සම්මුඛ සාකච්ඡාවේදි ඉලක්ක කර තිබෙන්නේ අධ්‍යාපනය සම්බන්ධ පුරස්නය. එහදි ඇමරිකාවේ පාසල් වල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබද ඔහු ඔබාමාගෙන් අසා තිබේ. එමෙන්ම පසුගිය කාලයේ පාසල් වල ඇතිවු දාමරික කටයුතු හා දරුවන්ගේ පාසල් ආහාර වේල සම්බන්ධව අසා ඇත. කෙසේ වෙතත් පුංච් මාධ්‍යවේදියාගේ අරමුණ තේරුම් ගත් ඔබාමා තමාගේ අධ්‍යාපන පතිපත්ති සැකවින් පැහැදිලි කර දී ඇත. එහිදි පාසල් වලට ලබාදෙන අරමුදල් මෙන්ම  පාසල් වලට අවශ්‍ය උපකරන ලබාදීම පිළිබධව දැනටමත් පිඹුරුපත් සැකෙසෙන බවද ඔබාමා පවසා ඇත. නැවත පාසල් ආරම්භවන සැප්තැමිබර් අට වැනිදා විශේෂ දෙශනයක්ද පැවැත්වීමට තමා සුදානමින් සිටින බවද ඔබාමා පුංච් ඩේමන්ට පවසා ඇත.

"ඔබ පාසලේ දී කවදා හෝ නොමනා විදිහට හැසිරිලා තියෙනවා ද?" යැයි සෘජු පුරස්නයක් පුංචි ඩේමන් ඔබාමාගෙන් විමසා ඇත.
"ඔබ දන්නවා.... මම පාසලේ විනයට පටහැනි විදියට හැසුරුණු අවස්ථා බොහෝම අවමයි..... ඇත්තටම නැති තරම්..... මම හැම කාලයේදීම මගේ වයසට ගැළපෙන දේ විතරයි කළේ...." ඇමරිකානු ජනාධිපතිවරයාගේ පිළිතුර විය. මේ ආකාරයෙන් මෙම සම්මූඛ සකච්ඡාව අවසන් විය.

මෙය අවසානයේදී පුංචි ඩේමන් ඔබාමාට ආරාධනයක් ද කර ඇත. "මම දැන් ඔබ සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්තුවා.....ඔබ කැමතිද විවේක ඇති වේලාවක අපේ ගෙදර ඇවිත් යන්න....? .

   

EnSiTip now works with Firefox 3.5! එන්සිටිප් මේ නමනම් ගොඩාක් දෙනකුට හුරුපුරුදු ඇති. ඒත් මේ ගැන නොදැනුවත් අයටයි මේ.

 එන්සිටිප්(ensitip) යනු.


‍ෆයර් ෆොක්ස් සදහා ඈදිය හැකි සිංහල අපට බොහෝ වැදගත් වන මෘදුකාංගයක් කොළඹ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යයන ආයතනයේ භාෂා තාක්ෂණ පරයේෂණාගාරය නිපදවා ඇත. එමගින් මුලිකවම සිදුවන්නේ අප කියවන English වෙබ් පිටුවල ඇති අප නොදන්න වචනවල සිංහල තේරුම අවම ආයාසයකින් බලාගැනීමට සැලැස්වීමයි. මෙම  ඇඩොනය ෆයර් ෆොක්සි ස්ථාපනය කිරීමෙන් පසු අප කළ යුත්තේ අපට නොතේරෙන  English වචනය මත මුසික දර්ශකය රැදවීම පමණි. ඉන්පසුව එවලේම එම වචනයට අදාල සිංහල තේරුම් එම වචනයට පහලින් පෙන්වයි. මෙම‍ මෘදුකාංගය නිසා අපට සිංහල ශබ්දකෝෂයක් වෙබ් පිටු කියවීමෙදි භාවීතා කරන්නට අවශ්‍ය නොවේ. English වදන් සිංහල වදන්වලට පරිවර්තනය කරමින් පරිශීලකයාට හෝඩුවාවක් ලබාදීම යන අරුත් ඇති ව මෙම මෘදුකාංගයට එන්සිටිප් යනුවෙන් නම තබා තිබේ. English වචනවල තේරුමට අමතරව පරිවර්තන කටයුතුවලට අධාරකයක් වශයෙන්ද මෙම මෘදුකාංගය යොදා ගැනීමට හැකි වීම මෙහි ඇති තවත් ව්ශේෂත්වයකි.



ඔබට අවශ්‍යයනම් මෙය භාගත කරගන්න. මෙන්න තැන.


EnSiTip now works with Firefox 3.5! New features introduced in EnSiTip-AR are given below. EnSiTip-AR will be released in July 2009.
View some screen-shots of EnSiTip-AR.

 

Wednesday, August 19, 2009

පරිගණකයක් භාවිතයේදී අපට මුහුණ දීමට සිදුවන ගැටලු කීපයක් මගහරවා ගමු.

Audio tracks, mp3 ෆයිල්ස් බවටත් Mp3 ෆයිල් Audio tracks බවටත් පරිවර්තනය කරගන්නේ.

මේ සදහා නීරෝ මෘදුකාංගයේ audio යටතේ ඇති Make mp3 cd ඔප්ෂන් භාවිතා කළ හැකිය.එහිදී සාමාන්‍ය සීඩී එකක තෙරතුරු රදවන ආකරයටමය නමුත් ඊට වඩා අඩු වේගයකින් රයිටි කළ යුතුය.

 
 
පෙන්ටියම් 111.(3) වර්ගයේ 866 MHz වේගයක් ඇති පරිගණකයක වේගය 1000 MHz දක්වා වැඩි කරගන්නේ.
 
866 MHZ වේගක් ඇති පොසෙසරයකට ගැළපෙන බොහෝ මවුපුවරු 1000 MHz පොසෙසර සදහාද ගැලපේ.මෙනිසා පෙන්ටියම් 111 (3) 1000 MHz පොසෙසරයක් මවුපුවරුවට සවි කල හැකිය මේ සදහා ස්ථිර නිගමනයකට ඒමට මවුපුවරුව සමග ලැබෙන අත් පොත පරික්ෂා කර බලන්න.එවැනි අත් පොතක් නොමැතිනම් අන්තර්ජාලය තුල සොයා බලන්න.    
 
 
වීඩියෝ කැප්චර් කාඩ් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරනු.
 
 
කැප්චර් කාඩ් එකක ගුණාත්මක වැඩිවිම යනු ඉන් ලබා ගත හැකි හා හැසරවිය හැකි විඩියෝ වලින් උපරිම ගුනාත්මක බවක් ලබා දෙන්නේය යන්නයි
එහෙත් මින් අදහස් වන්නේ උපරිම ලෙස වීඩියෝ හැසරවිය හැකි කැප්චර් කාඩ් එකක් මිලදී ගත් පමනින් එහි පයෝජන එලෙසව ලබා ගත හැකිය යන්න නොවේ. කැප්චර් කාඩ් එකක උපරිම සේවාව ලබා ගැනීමට එය සවි කරනු ලබන පරිගණකයේ බලසම්පන්න භව කෙලින්ම බල පායි. එසේම අදාල කැප්චර් කාඩ් එක වැඩ කිරවීම සදහා අවශ්‍ය මෘදුකාංග වැඩ කරවීම සදහා එම පරිගණකයේ දාරිතාව ඉතිරිව තිබිය යුතුය.එසේනම් මෙය තොරා ගැනිමේදි තම පරිගණකයට ගැලෙපෙන එකක් තොරා ගත යුතුය.     
 
 
පරිගණකයෙන් සකස් කළ වීඩීයෝ ෆයිල් සහිත සීඩී එකක් වීසීඩි ප්ලේයරයකදී වැඩ නොකරයි නම් එයට හේතුව.
 
 
පරිගණකයෙන් සීඩි එකක් රයිට් කීරිමේදී නීරෝ භාවිතා කොට ආකාර කීපයකටම එය කළ හැක. මෙයින් ඩේටා ආකාරයේ සීඩි එකක් බර්න් කීරිමට ගොස් ඒ තුලට වීඩියෝ ෆයිල් ඇතුල් කළානම්, පරිගණකයක් හරහා එම සීඩි එක ඕපන් කර වීඩියෝ නැරබීමට හැකි වුනත් නිවෙස් වල භාවිතා කරන වීසිඩී පේලේයර වලට මෙම දක්ත හදුනා ගත නොහැක.එසේනම් එය නිවරදිව බර්න් කීරිම උවමනාය නීරෝමෘදුකාංගයේ make video Cd හෝ video/pictures මෙනුවෙන් video Cd යන ආකාර තොරා ගත යුතුය.මේ ආකාරයට සීඩි එක බර්න් කළ හොත් ඔබට අවශ්‍ය පේලේයරයක නැරබිය හැකිය.  

Sunday, August 16, 2009

පෙන් drive වලින් පැතිරෙන Mntdrcore. exe Warm වෛරසය ඉවත් කරගන්නේ කෙසේද?. ඇතුලු තවත් පරිගණකයක මතුවන ගැටලු කීපයක් විසදා ගන්නා ආකාරය.

පෙන් drive වලින් පැතිරෙන Mntdrcore. exe Warm වෛරසය  ඉවත් කරගන්නේ.


 
අපට මෙය වෛරසය මෘදුකාංගයක් නොමැතිව හෝ තොරව ඉවත් කල හැකිය එය මෙසේය.
පලමුව start මෙනුවේ run තොරා ගන්න දෙවනුව එහි ඇති cmd යන්න type කරන්න තෙවනුව ඔබට අවශ්‍ය drive එකට යන්න මේ සදහා අදාල drive එකට අයත් අකුර සමග කොලන් (:) අකුර යොදා enter කරන්න ඉන්පසුව දැන් එ තුල හිද attrib යන්න type කරන්න දැන් ඔබට පෙන්වන්නෙ අදාල drive හි විශේෂ ලක්ෂණ යොදන ලද සගවා ඇති files සියල්ලයි මේ අතුරින් මෙම නම් සහිත ඒවා තිබේදැයි බලන්න.(kilf vbs. vbs, mntrcore.exeautorun.inf) මෙම file අතරින් එකක් හෝ කීපයක් තිබේනම් එය attrib විධානය භාවිතා කොට file attributes ඉවත් කොට පසු del විධානය භාවිතා කරමින් මකාදාන්න. උදා: ATTRIB MNTDRRE.EXE -H-S-R-DEL MNITDRRRE.EXE මේ ආකාරයට අනිකුත් වෛරස් ෆයිල්ද delete කරන්න. පසුව flash drive එක ඉවත් කර නැවත අතුලත් කර බලන්න.වෛරසය ඉවත් වී ඇති බව දැකගත හැකිය. 
Visual basic 6.0 වලින් සෑදු වැඩසටහනකට සෙටප් එකක් සෑදී‍මේදී (standard setup package) වැඩසටහනකට ලින්ක් කරන ලද ‍ඩේටා බේස් එකත් එක තුලම අන්තර්ගත කළ හැකිද?. 
package and folder wizard include හි files නම් ඩයලෝග් එක යටතේ ඇති add බටින් එකෙන් අමතර ඕනෑම ෆයිල් එකක් සෙටප් එකට ඇඩ් කර, සෙටප් එක මගින් ඉන්ස්ටෝල් වීමට සැලැස්විය හැක.
 මෘදුකාංගයක් ක්රැක්(crack) කිරීම යනු. 
  
මෘදුකාංග සමග සම්බන්ධ විවිධ කොටස් එකිනෙකින් වෙන්කිරීම හෙවත් කඩා හෙළීම මෙමගින් සිදුකරයි නිදසුනක් ලෙස යම් මෘදුකාංගයක් run වීමේදී ඒ සදහා විශේෂිත වු කී එකක් ඉල්ලා සිටින්නේ නමි ඊට අනුකුලවන කී එකක් ණිර්මානය කර මෘදුකාංගය ඉදිරියට යැවීම හෝ නැත්නම් එම මෘදුකාංගයේ කී එක ඉල්ලනු ලබන කොටස කඩා ඉවත් කර මෘදුකාංගය ඉදිරියට යැවීම ක්රැක් කිරීමක් ලෙස හදුන්වයි.  

Thursday, August 13, 2009

විල්පත්තු කැලේ නිදන් හොරු

 විල්පත්තු කැලේ නිදන් හෑරූ හමුදා මේජර් ඇතුලු 4 කට බන්ධනාගාර ගත වීමට සිදුව ඇත.



විල්පත්තුව ජාතික වනෝද්‍යාන සීමාවේ කුඩා විලච්චියේ නිදන් හෑරූ බවට අධිකරණය හමුවේ වරදකරුවන් වු යුධ හමුදාවේ හිටපු මේජර්වරයකු ඇතුළු විත්තිකරුවන් සිවු දෙනෙකුට මුදලින් රුපියල් එකොළොස් ලක්ෂ විසි දහසක දඩයක් අනුරාධපුර අධිකරනය මගින් ගෙවිමට නියම කරන ලදි.මෙම දඩ මුදල් ගෙවීමට නොහැකි වු බැවින් මොහුන්ට බන්ධනාගාර ගත වීමට සිදුවිය.

Tuesday, August 11, 2009

නිවාඩු දිනයක විනෝද චාරිකාවක් යන්නද බැලුවේ එහෙනම් මුන්නේෂ්වරම් යමුද වාර්ෂික මංගල්‍ය අට වනිදා සිට ආරාම්භ වු වගයි.










හලාවත මුන්නේෂ්වරම් දේවාලයේ වාර්ෂික මංගල්‍ය පටන් ගන්නා ලදි. මෙමස ගිය අට වෙනිදා කපු සිටවීමත් සමග මෙම මංගල්‍ය අරාම්භ විය. ලබන මාසයේ මුල් සතිය හෝ දෙවන සතිය දක්වාම මෙම මංගල්‍ය පැවැත්වෙන්නට නියමිතය. ලංකාව පුරාම විසිරී සිටින බැතිමුතුන්ගෙන් පිරී ඉතිරී යන මෙම දේවාලාය අවට තිබෙන සියලුම නවාතැන් වැඩි මුදලට පවා බැතිමුතුන් මිලදී ගනියි. එම නිසා කිසියම් කෙනෙක් මෙම දේවාලය වැද පුදා ගැනීමට එනවානම් රෑ පුජාවට සිටින්නට පැමිනේන්නේ නම් වඩාත් පහසුය. මෙම කාලයේ සතුට විනෝදය ඇතුලු සියලුම පහසුකම් වලින් දෙවාලය අවට පිරී ඉතිරී ඇත.
දේවාලයට මෙම දේවාලය අවට ගම් වල සියලුම මිනිසුන් මෙම මංගල්‍ය තිබෙන දවස්වලින් එක් දිනක් හෝ සහභාගී වි ඔහුන් දිගුකලක ඉදන් පවත්වාගෙන එන එක් පිළිවෙතක් කරයි. එයනම් පෝල් පැලයක් පුජා කිරීමයි.මේ ලියන මමද මෙම පිළිවෙත කුඩාකල සිටම කරමි. මෙම පිලිවෙත ගැන පැහැදිලි කරනවනම් අප මෙලොව එලිය දකිද්දී අපේ මවුපියන් විසින් මෙම දේවාලයට බාරයක් වෙනවාලු අපගේ හා දරුවාගේ දිවි තිබෙන තුරා පරානේට පාරානයක් දෙනවා යැයි කියා. මෙම පාරානේ කියා හදුන්වන්නේ එම ඉපදෙන දරුවාගේ ජීවිතයත් අනේක් පාරානය කියා පවසන්නේ පෙර කියු පොල්  පැලයත්ය පැරැන්නන් කියන විදියට මෙම පොල් පැලයත් අපේ ජීවිතයත් අතර කිසිම වෙනසක් නැතැයි කියා. නමුත් මොහුන්ගේ පැහැදිලි කිරීම මටද තේරුම් ගැනීමට අමාරුය. මෙම මංගල්‍ය කාලය තුල එක් දිනක් මා සහභාගි වී මෙම පරානය දීමට මා හට අමතක වුනෙමි මා අපසු නිවසට පැමිණි පසු පරානේ දුන්නාද යැයි මව අසද්දී මා හට මතක් වුයේ වැඩේ වැරදුනා කියලා මොකද දේවාලයට යනවානම් මෙම පරානය දිය යුතුය ආපසු මෙම පරානය දීමට මා නැවතයන ලදී. 
මෙම මංගල්‍ය තිබෙන පුරාවට දිනේන් දිනට අළුත් වු පුද පුජා පැවැත්වේ මේවායින් වඩාත් සිත් ගන්නා දවස්වනුයේ මහා රථය ඇදීමේ දිනය , ගිනිපැගීමත් මංගල්‍ය අවසන් වන දින දිය කැපීමත්ය.මෙවා එක්වාතාවක් හරි දැක තිබිය යුතුයැයා මගේ අදහස. පහලින් දක්වා ඇත්තේ දේවාලයේ ඇතුලත හා පිටත පින්තුර කිපහයකි.
 
  
  
  
  
  
  
ගිනි පැගීමේ දර්ෂනයක් 
 
       
වැඩිවිස්තර හා මෙම දේවලයේ ඉතිහාසය සමගින්ද මංගල්‍ය පිලිබද සියලුම ව්ස්තර රූප සටහන් සමගින් ඉදිරියේදී පල කරන්නම්.

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ