සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Thursday, October 1, 2009

ජංගම පරිගණකයට ගැළපෙන මවුසයක් (මුසිකය).

    පරිගණකය ජංගම වුවාට ඊට සම්බන්ධ කෙරෙන අනෙකුත් උපකරණයන්ද ජංගම ස්වරූපයෙන් පවතින්නේද යන්න ගැටලුවක් පවතී. බොහෝ විට ලැප්ටොප් පරිගණකය භාවිතයේදී ඊට මවුසයක් සම්බන්ධ කර ගැනීමද ජංගම පරිගණකයකට එකතුවන අමතර උපාංගයකි. නමුත් මෙහෙදී මවුසය වඩාත් ජංගම ස්වරූපයක්  ගැනීමෙන් එය වඩාත් පහසුවෙන් එහා මෙහා ගෙන යාමට හැකිවෙයි. මේ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන verbatim සමාගම විසින් විශේෂයෙන්ම ජංගම පරිගණක වලට ගැළපෙන මුසිකයන් වර්ග තුනක් හදුන්වා දී තිබේ. සැහැල්ලු නිමාවෙන් යුතු මේවා ඇතැම් විට රැහැන් රහිතවද සම්බන්ධ කළ හැකිය.මෙහිදි මුලින්ම කියවෙන easy riser notebook optical මවුසය රැහැන් සහිතව යු එස් බී මගින් සම්බන්ධ කළ හැකිය.මෙය ඇමරිකන් ඩොලර් 20 කට මිල නියම කර ඇත. easy riser bluetooth notebook laser මවුසය බ්ලුටූත් තාක්ෂණය ඔස්සේ බාවිතා කිරිමට හැකි වේ. මෙය ඇ.ඩො. 40 කට මිල නියම කර ඇත.    
   
verbatim-easy-riser-adjustable-mice

easy riser wireless laser මවුසය රැහැන් රහිතව සම්බන්ධ කරෙන අතර එය nano receiver එකක් සහිතව ඉදිරිපත් කර ඇත. මෙය ඇ.ඩො. 35 කට මිල නියම කර ඇත. 


No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ