මේ අපුරු උපාංගයත් සමග ලැප්ටොප් පරිගණක අභාවයට යන ලකුණු.

බැලු බැල්මට ම අපට නැගෙන පළමු m%ශ්ණය නම් මෙම කුඩා උපාංගය තුල අපිට පරිගණකයෙන් දකින සියලුම අංගයන් ඇතුළු කරන්නේ කෙසේ ද යන්නයි . එනම් මෙම පරිගණකයේ මුසිකය, යතුරුපුවරුව, මොනිටරය ඇත්තේ කොතැන ද යන්නයි . මෙහි එය සිදු කෙරෙන්නේ බ්ලුටූත් තාක්ෂණය හරහාය. ඒ අනුව මේ පරිගණකය මුළුමනින්ම බ්ලුටූත් තාක්ෂණය මත රදා පවතින අපුර්වතම නිමැවුමකි.


මෙය භාවිතා කිරීම සදහා අවශ්‍ය කරන එකම දෙය පැතලි පෘෂ්ඨයක් පමණි. මේ පෑනක් වැනි උපකරණයෙන් ඕනෑම පැතලි පෘෂ්ටයක් මත පරිගණක තිරයක් සහ යතුරු පුවරුවක් මැවිය හැකිය එවිට එය පෙනෙන්නේ ඡායාරූපවල දැක්වෙන ආකාරයෙනි. මේ යතුරු පුවරුව මත සාමාන්‍ය පරිගණකයක මෙන් ඕනෑම දෙයක් ලිවිය හැකි වෙයි. පරිගණක තිරයේ ද, සාමාන්‍ය පරිගණක තිරයක පවතින ඕනෑම දෙයක් නොඅඩුව දැක ගත හැකිය.
මොවුන් පවසන අන්දමට තවදුරටත් ලැප්ටොප් පරිගණක ගමන්මලුවල බහාගෙන පිටේ එල්ලාගෙන තැන තැන ගෙන යාමට අවශ්‍ය නොවේ සමාන්‍යයෙන් රාජකාරීයට එන විට පෑන සාක්කුවේ දමාගෙන ගෙනෙන ආකාරයට පරිගණකය ද ඔබට ගෙන යා හැකි වනු ඇත. මේ සමගම දැනට මේසය මත ඇති පරිගණකය පමණක් නොව උකුල මත තබාගෙන සිටින ලැප්ටොප් පරිගණකයට ද ළගදීම ආයුබෝවන් කීමට සිදු වනු ඇති යන්න ය.

CD , DVD වලට මොකද වෙන්නෙ ?
ReplyDeleteCD,DVD රොම් ගැන නේද මම හිතන විදිහට එවා ගැනනම් මටත් පුරශ්නයක් නොතිබ්බම නෙමේ. ඒ ගැන පොඩ්ඩක් හොයලා බලලා නැවත පෝස්ට් එකක් දමන්නම්.
ReplyDeleteHow to install this blue tooth key board for palmtops? (as your last picture)
ReplyDeleteඒ වගේම කළුවර තැනකුත් ඕනවෙයි වගේ මේකේන් වැඩ කරන්න.මරු මරු ඔෆිස් එක කරුවලේ තියෙන කොට මට ආපු ගමන් දොයිය ගන්න පුළුවන්...හික්
ReplyDeleteමේක ගොඩක් පරණ කථාවක්නේ.............
ReplyDelete