සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Sunday, September 13, 2009

රූප වාහිනී වැඩසටහනක විනිශ්‍ය කාර තුමෙක් ලබා දුන් අභියෝග යක් ජය ගත් ඔහු (Wasantha Soysa set a Guinness World Record)


අභියෝගයක් ජය ගත් ඔහු නමින් වසන්ත සොයිසාය. සිංහලෙන් පහත විස්තර දමා ඇත.

Sri lankan Karate expert Wasanth Soysa (49) a resident of Anuradhapura, yesterday made a new world Guiness record by breaking 12 slabs of concrete in one go, with his head, easily bypassing the record set in 2008 by a Norwegien national of 7 concrete slabs.

The feat had been conducted in the presence of World Guinness Committee representative, North Central Sports Director K.B.E.S Muthugala.

Wasantha Soysa has a previously set Guinness world record of breaking 525 clay tiles.


  එක්තරා රූපවාහිනී චැනලයක් ලංකාවේ විවිද හැකියාවන් තිබෙන පුද්ගලයන් සොයා තරගයක් පවත්වනවා ඔබ සියලු දෙනාම දන්නවා ඇතිනේ නමුත් එක්තරා තරග වට යකදී සහභාගී වු එක් තරග කරුවෙක් වු වසන්ත සොයිසාද තමා ගේ හැකියාව එදා පෙන්වුයේ අයිස් කුට්ටි විශාල පමානයක් හිසින් කඩමින්ය. එදා එක් විනිශ්‍ය කාර තුමෙක් පැවසුවේ එය සාමාන්‍යයෙන් ඔහුටද කළ හැකිය යන්නයි. සමහරක් විට ඔහුටද කළ හැකි වෙන්න පුළුවන් නමුත් ඒක නොවෙයි මෙතන ගැටලුව යමෙක් ඔහුගේ හැකියාව යම් කිසි කෙනෙක් ඉදිරියේ කර පෙන්නනවා නම් එම හැකියාවමම අපටද තිබිය හැකිය. නමුත් ඒ ඔහු කළ දේ අගය කිරීමක් හෝ වර්ණනා කිරීමක් කෙරුවොත් අපට යම් කිසි හෝ අඩු පාඩුවක් වනවාද?. එය තරගයක් වුවද විය හැකියි නමුත් ඔහු ගේ හැකියාව අප ඉදිරියේ ඉදිරි පත් කල පසු අපි ඔහුව අගය කළ යුතුය නමුත් ඔහුට අපි ලබා දෙන ලකුණු ඔහුගේ හැකියාව පමානවත් භව අනුව ලබා දිය යුතුය නැතුව ඔහුව හැල්ලු කිරිමක් නොකළ යුතුය නමුත් ඔහුගේ අඩු පාඩු පෙන්වා දීමට අපට හැකිය එමගින් ඔහුගේ හැකියාවද තව තවත් වැඩි දියුණු කර ගැනිමට පිටුවහලක් නොවෙන්නේද?. මෙම රූප වාහීනි වැඩ සටහනේ වුයේ මෙවැන්නක්ද?. නැත එදා වසන්ත සොයිසා අයිස් කුට්ටි කඩා පෙන්නුවෙ ඔහුට තිබෙන හැකිය වෙන් ය නමුත් පෙර කී පරදි එක් විනිශ්‍ය කාර තුමෙක් එය හැල්ලුවට ලක් කරුවේ ඔහුටද පුළුවන් යන්න කියමිනි ඉන් පසුව එම තරග කරුවාට එක් අභියොගයක් ද කරමනි එයනම් සිමින්ති 1 , වැලි 2 , හා ගල් 3 නක් නියම  concrete කලවමක් යොදා concrete ලෑල්ලක් කඩා පෙන්වන්න එතකොට එය මා පිලි ගන්නම් ඔබගේ හැකියාව කියා ය. නමුදු නියම හැකියාව ක් හා ආත්ම ශක්තියක් ඇති පුද්ගලයෙක් වු වසන්ත සොයිසා මෙය භාර ගත්තේ එය ඔහු ඉදිරියේ එය කර පෙන්න නවා ද යන්න කියමිනි. 
නමුත් කෙසේ හෝ මෙම ලංකා පුතු පසු ගිය දවසේ concrete  කැට දොලහක් හිසෙන් කඩා world Guinness record එකක් තැබුවේ අර පෙර කී විනිශ්‍ය කාර තුමන්ගේ අභියොගය ඉතා ඉහලින්ම ජය ගෙනය. කරාටේ උපදේශකයෙකු ලෙස හා සංචාරක හොටෙල් හිමියෙකු වන මොහු අනුරාධපුර නගරයේ පදිංචි කරුවෙකි.


 මෙයට පෙර නෝර්වේජියානු ජාතික නේටි ලැරට් සිමෙන්ති හා වැලි පමණක් යොදා සැදු concrete කැට හතක් කඩා තබා තිබු වාර්තාව කඩමිනුයි වසන්ත සොයිසා ගින්ස් වාර්තාවට හිමි කම් කියන්නේ. මෙයට පෙර මොහු විසින් 1998 ජනවාරී 10 වැනිදා උළු කැට 525 ශරීරයෙන් ගසා කඩා ලෝක වාර්තාවක්ද තබා ඇත. තවද මොහුට වසර 32 ක කරාතේ පිළිබදව පළ පුරුද්දක් ද ඇත.

එසේනම් අර පෙර කී විනිශ්‍ය කාර තුමනි මෙන්න ඔබගේ අභියෝගය ජය ගෙන ඇත එසේ නම් මෙය ඔබ පිලිගන්න වාද ?. තවද මෙවැනි රූපවාහිනී වැඩ සටහන් ලංකාව තුල කිහිප යක්ම තිබේ මේවායින් කෙරෙන්නේ දක්ෂ්‍යතා ඇති පුද්ගලයන් ලොවට හදුන්වා දීමයි. නමුදු හරිම දක්ෂ්‍යතා ඇති පුද්ගලයන්ද ඇත්තටම මේවැනි වැඩ සටහන් වල හා විනිශ්‍ය තුලින් ලොවට හදුන්වා දෙන්නේ. අද එයට හොදම පිළිතුරක් වන්නේ වසන්ත සොයිසා ය. ඔබ සියලු දෙනා මෙම වැඩ සටහන එදා බැලු වේ නම් ඔබට ද මෙවැනි වැඩ සටහන් පිලිබදව කල කිරිමක් ඇති වෙනු ඇත. අවසාන වශයෙන් ද කිව හැක්කේ සියලුම රූප වාහිනි වැඩ සටහන් මේ හා සාමානය .
ස්වාධීන රූපාහිනියේ S.....................L වැඩ සටහනේ විනිශ්‍ය මන්ඩලය තරමක හො වැදගත්ය ඔහුන්ගේ මහත්මා ගති ගුණ දක්නා ලද නිසා මෙය ලියන ලදි.  
   

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ