සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Friday, September 11, 2009

ඩොලර් 2.77 ක් හෙවත් රුපියල් තුන්සියයේ සුපිරි පරිගණකය.

ඇත්තටම සුපිරි පරිගණකයකින් වැඩ කිරිමට සිතිමටවත් අපට නොහැකිය මන්ද මෙවැනි සුපිරි පරිගණකයක් තනා ගැනීමට රුපියල් වලින් නම් රුපියල් කෝටී ගණනක් වැය වෙන නිසාය. ලෝකයේද මෙ වැනි සුපිරි පරිගණක භාවිතා කරන්නන්ද සිටින්නේ කෝටි ගණනක් අතරින් කිහිප දෙනෙකුය. මෙ වැනි පරිගණක යක් හිමි ආයතනයක සේවය කිරිමට ලැබෙන පුද්ගලයාත් වාසනා වන්තය. මෙ වැනි පරිගණකයක් සාදා ගත්තද එය නඩත්තු කිරිමට වැයවෙන මුදලද මෙය ලබා ගන්නා මුදල මෙන්ම වැය වේ. නමුත් අපට නම් මෙය හීනයක් පමනක්ය. කෙසේ නමුත් මෙම සියලුම බාධක මග හරවමින් ලෝකයේ ඕනෑම කෙනෙකුට සුපිරි පරිගණකයකින් වැඩ ගන්නට දැන් අවස්ථාවක් ලැබී තිබේ.
 මෙම අවස්ථාව ලබා ගැනිමට නම් සුළු මුදලක්ද වැය කිරිමට සිදුවේ නමුදු මෙම මහගු සේවාව සපයන ඇමරිකාවේ ඉන්ටරැක්ටිව් සුපර්කොම්පියුටින් සමාගම පවසන්නේ අද පරිගණකය හා ඉන්ටනේට් භාවිතා කරන පුද්ගලයින් තමන්ගේ කාලය ගොඩක් අපතේ හරිනවා මෙම අපතේ හරින කාලය තුල වැදගත් වැඩක් වැදගත් විදිහට විනාඩි කිහිපයකදී කරගන්න ලැබෙන වනම් කොච්චර වැදගත්ද එසේනම් අපි මේ මහගු අවස්ථාව ලබා දෙන්නේ ඔහුන්ටත් ලෝකයටත් ගොඩක් දේ ඉතිරි කරන්නටය.ඒ මොහුන්ගේ මතයයි.
කෙසේ වෙතත් මෙම සේවාව ලංකාවේ අප ලබාගන්නේ නම් පැයකට ඩොලර් 2.77 ක් හෙවත් රුපියල් තුන්සියක් මෙම ආයතනයට අපට ගෙවීමට සිදුවේ මෙම මුදල ලොව සිටින සෑම පුද්ගලයෙකුටම පොදුය.මෙම  සේවාව සපයන සුපිරි පරිගණකයේ ඉන්ටෙල් ක්වඩ්කෝර් පොසෙසර් 168 ක් තිබේ. ඉතින් යම් පුද්ගලයෙකුට මෙම සුපිරි පරිගණකය පැයකට බදු ගැනීමට අවශ්‍ය නම් එම සේවාවද මොහුන් සපයයි. නමුත් මෙමෙ පැයේ බදු ගැනීමට නම් තරමක මුදලක් වැය කිරිමට සිදු වේ. එම මුදල වනුයේ ඩොලර් 465 ක් නැතහොත් රුපියල් වලින් නම් පනස් දහසක් වැනි මුදලකි. මෙම සුපිරිපරිගණකය ලබා දෙන සේවාව හදුන් වන්නේ ස්ටාර්-පී ඔන්-ඩිමාන් හෙවත් එස්පීඕඩි කියාය. මෙම කරමනයේදී තමන්ගේම පරිගණකයේ තිබෙන ඕනෑම මෘදුකාංගයකින් වැඩ කරන්නට පුළුවන මෙම සමාගම විසින් වැඩ කළ යුතු මෘදුකාංග ලබා දෙන්නේ නැත මොහුන් ලබා දෙන්නේ සුපිරිපරිගණකයේ සැකසුම් බලය පමණි.
මෙහිදී පරිශීලකයාට තමන් සතු තොරතුරු සමුදාය මෙම සේවාදායකයා ලබා දෙන උපදෙස් අනුව යමින් සුපිරිපරිගණකයට ඔෆ්ලෝඩ් කරන්නට පුළුවන ඉන්පසුව මෙම සේවාදායකයා විසින් සුපිරිපරිගණකයෙන් එම තොරතුරු සකසා පාරිශීලකයාගේ පරිගණනයට ලබා දේ.
මාගේ අදහසනම් මෙවැනි සුපිරිපරිගණකයකින් විනාඩි කිහිපයක හෝ අත්හදා බැලිමක් වශයෙන් යම් කිසි වැඩක් කර බැලීම සුදුසුය. මන්ද සුපිරිපරිගණකයක කාර්‍ය නැත්නම් වැඩ කොහමද කියා අපට බැලිය හැකිය තවද අප එතකොට සුපිරිපරිගණකයක් කියන්නේ කුමක්ද කියලා දැන ගනිමට හැකි වෙනවා නේද?.
නමුදු අප ඉදිරියේ තිබෙන පරිගණකයෙන් අපි වැඩ ගන්නේ සියයට එකකි එසේනම් අපි මෙම ඉතිරි සියයට අනු නවයම බාවිතා කරන්නේ නම් අපගේ පරිගණකයත් සුපිරිපරිගණගකයක් නොවන්නේ ද?. ඔබගේ අදහස කුමක් ද?.
ඔබට මෙම ‍සුපිරිපරිගණකයේ විනාඩඩි කිහිපයක් නොමිලේ වැඩක් කර බැලීමට උත්සහ කළ හැකිය ඔබත් උත්සහා කර බලා කැමතිනම් ඔබගේ අදහස මෙහි දමන්න මෙන්න තැන උත්සහා කරලා බලන්න නොමිලේ පැය හතරක පුහුණුව සදහා . එස්පීඕඩී සුපරි යකා. මෙය පැය හතරේ පුහුණුව සදහාය. 
මෙයට කිලික් කරන්න නොමිලේ යමක් කර බැලීම සදහා
 මෙම සේවා වලට යාමේදී අවශ්‍ය තොරතුර වෙනස් වී තිබිය හැකිය එම නිසා ඔබට හැකිනම් වඩාත් හොදය මෙම මුලීක වෙබ් අඩවියට පිවිසීමයි.අද දිනයේ පලවන තොර තුර හෙට වෙනත් තොරතුරකට මාරු වී තිබේ එම නිසා මෙම මූලීක වේබ් අඩවියටම පිවිසීමෙන් ඔබට වඩාත් වැදගත් වේ එම නිසා මුලීක වෙබ් අඩවියට පිවිසෙන්න


familiar desktop tools diagram - click to enlarge

                                              



 


         Asus P6T7 WS SuperComputer


 


 

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ