සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Thursday, September 17, 2009

ආදරයේ විරහ වේදනාව හදට දැනෙන්න ගැයු අසහාය ගායකයා

රැළි ආ හැකිය
රැළි යා හැකිය
එහෙත්...ජෝති ඔබ
පරම්පාරාවෙන් පරම්පරාවට
ගීතයේ ...වර්ණවත් මිනිසාය...



 

අපේ වචන වලින් ඔහු ගැන බිදක්

1936 පෙබරවාරී 12 වැනිදාවක මාතර උපන් හෙට්ආරච්ගේ රෙජිනොල් ජෝතිපාල කුඩාකාලයේම තම දෙමාවුපියන් සමග කොළඹ පදිංචියට ආවේ සැගවුණ දක්ෂතාවක් ද කැටිකර ගෙනය. මොහු කුඩාකල සිටම ගීත ගායනයට යොමු විය. නමුදු මොහුගේ මව්පියන්ට උවමනා වුයේ මොහුව වෙන මාවතකට යොමු කිරිමටය. කෙසේ හෝ ජෝතිපාලයන් උදය ගෙව්වෙත් ගීතයෙනි දහවලද රැයද ගෙව්වේ ගීතයෙනී මොහුද මොහුගේ මව්පියන්ද කිසි කලක සිතුවේ නැත රටක් ආදරය කරන අසහාය ගායකයෙනක් වේවි යැයි ය.
ජෝතිපාලයන් ගැයු මුල්ම ගීය වන්නේ "මගේ රන් රාජණී" ය මෙම ගීතයෙන් ගායනය ලොවට පා තැබු ඔහු සිංහල films වලටද ගී ගැයීම පටන් ගත්තාය. film කිහිපයකටම ගීත ගැයු අතර ඉන් මුල්ම ඒවා වන්නේ සුරතලී , සූකිරි කෙළ්ල , සුජීවා , ශාන්ති , සුමිතුරු , සුදු සදේ කළු වළා ය. මෙයින් නොනැවතුණු ඔහු රංගනයෙන් හා films නිෂ්පාදනයෙන්ද දායක විය.  කෙසේ හෝ මොහු ගුවන්විදිලියට හා කැසට් පට වලට ගැයු ගීත හයදහසකටත් වැඩිය films  වලට ගැයු ගීත තුන්සියයකට වැඩිය. මෙතුමාගේ හැකියාවන් නිසා ජනාදිපති සම්මාන හා සරසවි සම්මාන වලටද උරුම කම් කීය. 

මෙතුමා දිනක් රූපවාහීනි වැඩසටහනක කියා සිටියේ මගේ ගීත අහන මට ආදරය කරන ජනතාව ජෝති ඇති දැන් සිංදු කීවා දැන් නවත්වන්න කීවොත් අන්න එදාට මගේ ගායනය නවත්වනවා. නමුත් සෑම මොහතකම මරණය ගැන කතාකරමින් සිටි ඔහු 87 ජුලි 7 වන දා අළුයම කාටත් හොරා සදහටම අප අතරින් වෙන් වේවි යැයි කවුරුත් සිතන්නට නැත. ඒ වන විට පනස් වියේ සිටි එතුමන් පවුලේ වැඩිමලාද විය. 
මුළු ලංකාවම හඩන්නට ඇත්තේ මෙවැනි ගායකයෙකුගේ මෙවැනි හඩක් කිසි කළක නොඇසෙන හෙයෙනි. 
එච්.ආර් ජෝතිපාලයන් ට ආදරය කරන පිරිස කොපමනක්ද කීයා දැන ගැනීමට ලැබෙන්නේ ඔහුගේ අවමංගල උත්සවයේ දි ඔහුගේ දේහය අවසන් වරට දැක ගැනීමට කලාගාරයට පැමිණි පුද්ගලයන් කිලෝමීටර ගණනාවක් දුරට පොළිමක් තිබු හෙයනි. ජෝතිපාලයන් මුදල් වලට වඩා මිනිසුන් හම්භ කර ඇත යන්න අපටද මෙයින් සිතිය හැක.



 

ජෝතිපාලයන්ගේ දේහය අසල පවුලේ අය


 


අවමංගල්‍ය සභාව ඇමතුවන් අතරින්





 


 


තම සහෝදර මිතුරන්ගේ කරමතින් අවසන් ගමන් යන ඔහු


 








සෑය



 


අවසන් මොහතේ අවමංගල්‍ය සභාවෙන් ලියවුණ දුක් ගීතයක් ගායනා කරන ලතා වල්පොළ






එම ගීය 

සෑය මුදුණක සිතාරය තුළ
ඔබේ පිලි රු මැවෙන්නේ
කළු වලාකුළු මුදුන් වී ඔබේ හඩයි 
පිලි රැව් දෙවන්නේ
පනස් වසරක් දිවි ගෙවු ඔබ මොලොව
පන්සිය වසත් වා
 මෙලෙසටයි අද පෙනෙන්නේ මට
විලසකයි හද‍ පෙලෙන්නේ
 ජෝති හිතවත රටක් නලවා රටක් හඩවා...




අවසන් මොහතේ අහස උඩින් මල් ඉසු අයරු





 



.



එච්.ආර් ජෝතිපාලයානෙණි ඔබ සදා අමරණීයයි.

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ