සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Sunday, September 6, 2009

එක දවසකට එකක් ගානේ අවුරුද්දක් තුලදී බලන්නට films තුන්සිය හැටපහක්ම රදවලා තියාගන්න අවශ්‍යයිද?.....

    ලොව වැඩිම ධාරිතාවයක් ඇති ෆ්ලෑෂ් drive එකක් kinston technology  සමාගම විසින් වෙළෙදපොළට නිකුත් කරමින් පවති. මෙය ඩේටා traveler 300 නමින් නම් කොට ඇත මෙය 256GB තරම් දැවැන්ත ධාරිතාවක් ඇති යුඑස්බී ෆ්ලෑෂ් drive එකකි. kinston technology  සමාගමේ යුරෝපා කලාපයේ අලවි කළමනාකරු වන කර්ස්ට් මිලර් විසින් මෙය වෙළෙදපොළට නිකුත් කරමින් කියා තිබුණේ "එක දවසකට එකක් ගානේ අවුරුද්දක් තුලදී බලන්නට films තුන්සිය හැටපහක්ම මෙම කුඩා උපාංගයේ රදවන්නට පුළුවන්" කියාය.
මෙයට කලින් මොහුන්ගේම නිෂ්පාදනයක් වු data traveler 200 ෆ්ලෑෂ් drive එක වු 128GB ෆ්ලෑෂ් drive මාදිලියහි දෙගුණයක් එක් කර මෙම ඩේටා traveler 300 නිෂ්පාදනය කරන්නට ඇතැයි අපට සිතිය හැක. ඒ කියන්නේ මොවුන් data traveler 200 දෙගුණයක් කර නව නිෂ්පාදනයක් ලෙස ලොවට ඉදිරිපත් කිරීමයි.

 data traveler 200
 
 ඩේටා traveler 300 
  
ඩේටා traveler 300 හි මතක ධාරිතාව  මෙතරම් දැවැන්ත වුවත් මෙම ෆ්ලෑෂ් drive එක සාමාන්‍ය ෆ්ලෑෂ් drive එකකට වඩා විශාල නැත. මෙය සෙන්ටිමීටර් හත හමාරක් පමණ දිග වන අතර සෙන්ටිමීටර් දෙකක් පමණ පළලය මෙහි ඝණකම වන්නේ සෙන්ටිමීටර එක හමාරක් පමණය.මෙහි තිබෙන්නේ සාමාන්‍ය යුඑස්බී 2.0 මාදිලියේ ප්ලග් එකකි. මෙයින් කියවෙන්නේ ඕනෑම පරිගණකයකට මෙය සම්බන්ධ කළ හැකි බවයි.
   
එසේම මෙය සම්බන්ධ කළ විට තප්පරයට මේගාබයිට් 20ක වේගයකින් තොරතුරු කියවීමද සිදු කරයි. අප විසින් මෙහි තොරතුරු ගබඩා කිරීමේදි එහි තොරතුරු රැද වීමට ගන්නා වේගය වන්නේ තප්පරයට මේගාබයිට් 10කි.මෙහි තවත් ගුණාන්ගයක් වන්නේ පාස්වර්ඩ් යොදමින් මෙහි ඇති ගොණු සුරක්ෂිතව තබා ගැනීමට හැකි විමයි මෙය Password Traveler නමින් හදුන්වයි.
 kinston technology  සමාගම විසින් මෙවා වෙළෙදපොළට හදුන්වා දීමට යොදා ගන්නා රූප සටහන්.

 
 
 ඔබට අවශ්‍ය නම් වැඩි විස්තර සදහා පිවිසෙන්න. ඩේටා traveler 300 වැඩ් විස්තර දැන ගැනීමට

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ