සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Tuesday, September 8, 2009

ආදරයක් නිසා සිදුවුන ඇබැද්දියක් ඉතිරි කොටස (2009/09/07 දින ලියු ලිපියෙහි ඉතිරිය)

ඔන්න ඉතිරි කොටසත් කියවලා බලන්නකො. කවුරු හරි මගෙන් ඇහුවොත් ඔයාට අමතක වෙන්නෙ නැති දවස කවදද කියලා මට කියන්න තියෙන්නෙ 2002.09.07 වනිදා කියලා ඒ කියන්නෙ ඊයේ වාගේ දවසක් එ වගේම දුකම හිතුන දවසත් ඒකම තමයි. පොලිසියේ මාමලා ඇගේ පතේ හිරි ටික මටයි සුරන්ගටයි ගහලා ඇරගන්වා කොහම හරි පොලිසියට යනකන් වත් අපි කාවවත් පාව දුන්නෙ නැහැ. ඔන්න ඉතින් අපේ ගමනේ අවසානයටත් කටට අගුල් වැටෙන තැනටත් අවා. මොනවද ඉතින් දීප්ති අඩ අඩා ඉන්නවා පොලිසිය ඉස්සරහම දැන්නම් ඉතින් කකුල් දෙකත් වෙවුලනවා. අපිට ඉදගන්න පුටු දුන්නා ටික වෙලාවකින් සුරන්ගට කථා කරා පොලිසිය හ.............ත ස්ථානාධිපති තුමා. නම ගම එහෙම අහලා පටන් ගත්තේ නැද්ද මේ යකා තොපි තාම පොඩි උන් ගෑනු ළමයි හොරෙන් පන්නගෙන ගිහිල්ලා වැඩේ කරලා සද්ද නැතිව ඉන්නද හදන්නේ ඇත්ත කියපිය තොපි කී දෙනෙක් හිටියද කියලා හුටා මේ එක පාරට කඩන් වැටුනු හෙනේ මොකද්ද . අනෙත් එකාත් මෙහේ වර මොනවද ඉතින් මමත් ගියා ඇතුලට හප්පේ සුරන්ගයයි මමයි ගැහෙනවා මොනවත් නැ ඉතින් දෙවාල වල ඉන්න කපුවො හොදයි. ඇත්ත කියපියව් අපි දෙන්නා මොනවද දෙයියනේ කියන්නේ ඔන්න ආයේ කම්මුල් පාරවල් දෙක ගානේ වැදුනා මට ටිකක් තරහා ගිහිල්ලා ඇහුවා සර් අපි මෙහම දෙයක් කරලා නැහැ අනික ආදරය කරන එක වරදක්ද කරපු නැති වරදකට සර් මේ ගහන්නෙ අපට යන්න දෙන්න කියලා මම කීවා විතරයි ඔන්න ආයේ වැදුනා තරු පේන්නනම. ගැහැනු ළමයගෙනුත් අහලා බලන්න සර් ඇත්ත එයා ඇත්ත කියයි කියලා ආයෙත් කීවා ඔන්න දීපේවත් ගෙන්නුවා

ඔන්න දීපේ කියනවා අපි යළුවෙකුගේ අම්මා කොනක් බලන්න ගියා එහෙට ගියෙ පන්තියේ ලමයි සේරම මාව ඇරලුවෙ එහෙට තාත්තමයි මෙයාලා මාව බලෙන් අරන් ගියේ නැහැ. අපි කට්ටිය ටිකක් එන්න පරක්කු වුන නිසා තාත්තා හොයන්න අවා එවෙල සර් මම යි සුරන්ගයි දැන් ඉතින් ඉවරයි කියලා මම හිතා ගත්තා . පාර ලග තියෙන අඹ ගහ ලග කතා කර කර හිටියේ ඇත්තටම සර් මම යි සුරන්ගයි අතරේ වෙන කිසි සම්බන්දයක් නැහැ අනික මේ අනිත් කෙනා මේකට ගැවිලාවත් නැහැ සුරන්ගගේ යළුවා නිසා තමයි තාත්තා මෙයාවත් අල්ලලා තියෙන්නෙ. සර් අපි පන්ති‍යේ ලමයි අපි සේරම  හිතවත් නැතුව වෙන මොනවත් නැහැ.  මට දීපේ ගැන පුදුම සතුටක් ඇතිවුනේ.
ඔන්න මේ ගෑනු ලමයගේ තාත්තා එන්න ඔන්න මෝලා එනවා යකා වගේ තමුන් කියපු විදිහයි දරුවා කියපු විදිහයි අහගෙනනෙ උන්නෙ තාම මේ ලමයි පොඩි උන් මුන්ව හෙට යවන්නම් ඔයාලා යන්න දැන් ගෙදර යන්න දුව දෙමාවුපියන් කියන දේ අහන්න ඕනා ‍නේද ආයේ පොලිසිය පැත්තට මොනවත් ගෙන්න ඉඩ තියාගන්න එපා මොකද ඔයාගේ චරිතයටම නේද හොද නැත්තේ.දැන්නම් ආයේ ඇගට ලේ ටිකක් ඉනිවා හුටා මෙන්න මෝලා කියනවා එයාට සැකයිලු දුව අමාරුවෙ වැටිලා කියලා ආයේ අපේ පැත්ත බැලුවා ස්ථානාධිපති තුමා ආයේ ඉවරයි. තමුන් ඇත්තද දුව කීවේ සර් මට එහෙම දෙයක් වෙලා නැ තාත්තාට සැකයි නම් ස්පිරිතාලෙන් බලන්න කියලා මෙන් මේකී අඩනවා සුරන්ගයට කියවුනා ඉවරයි කථාව කියලා මුව වෙවුලනවා මාර විදිහට හරි එහෙනම් මුන් නිකන් ඉදලා නැ මමත් හිත හදා ගත්තා අවුරුදු පහ හයක් උළු ගණන් කරන්න යන්න . පේනවානේ මේ දරුවගේ ජිවිතේ නාස්ති කරන්න හදන්නෙ තමුන් දරුවවත් අරන් යනවා දැන්ම තමුසෙට දඩුවමක් දෙන්න ඉස්සර වෙලා.


ඔන්න දෙවියො අපේ මුන බලලා දැන් අපිටත් යන්න පුළුවන්නේ කියලා හිතුවා විතරයි රාළහාමි දානවා මෙ දෙන්නවම කුඩුවට ‍හෙට මුන්ගේ ගෙවල් වලින් ආපුහම ඇප දීලා ගෙනියන්න කියන්න. ඒත් කමන්නේ නැ අපි නිදහස්නේ මම කීවා සර් ඔයාට ගොඩන් ස්තුතියි කියලා. උබලා තාම පොඩිඋන් වයස හරි ගිහම හොරෙන් ගිහිල්ලා හරි බැද ගනිල්ලා සුරන්ගයට ඇගිල්ල දික් කරලා කීවා උබට අර ලමයා ඔනේනම් හොදට ඉගෙන ගෙන හොද රස්ස‍ාවක් කරලා සල්ලි ටිකක් හොයාගෙන අරන් පලයන් කියලා. ඔන්න ඉතින් අපේ ගෙදර අය ඇවිල්ලා ඇප දීලා ගෙනිච්චා ගෙදර ටිකක් මම නිදා ගන්න හැදුවා විතරයි සුරන්ගයා මෙන්න දුවගෙන එනවා බලහන්කෝ බන් අර මෝලා දීප්තිට ගහලනේ එයා ඉස්පිරි තාලේ නවත්වලාලු බන් ගොඩක් අමාරුයිලු බලන්න යන්න වෙනවා මට සල්ලි ටිකක් දීපන් කියලා මම අම්මාගෙන් රුපියල් දහක් ඉල්ලනා දුන්නා යන්න පවුනේ ඒත් මට පුරස්නයක් තිබුනා මුගෙන් අහන්න සුරන්ග ඇ බන් උබලා දෙන්නා එදා දුර දිග ගියාවද්ද කියලා මම ඇහුවා මු හිනා වෙලා කිවේ එක දෙයයි උබ හිතලා මතලනේ යමක් අහන්නේ උබ හරි කියලා හිතා ගනින් ඔන්න මු මට දීපු උත්තරේ මෙන්න බොලේ මේකා පෙන්නත් නැහැ ගිහිල්ලා.
සතියකට පස්සේ මමත් මොනවත් දන්නේ නැ වාගේ ගියා ඉස්කොලේ මොනවද ඉතින් ඉස්කොලෙනුත් රතු ඉර වැදුනා කොහම හරි අපේ අම්මා විදුහල් පති තුමා එක්ක කතා කරලා විභහගේ කරනකන් තියාගන්න කැමති උනා. සුරන්ගයත් නැහැ දිපාත් නැහැ පාසල් ආවේ සුරන්ගයත් දවස් තුනක ඉදන් අපේ ගෙදර ආවේ නැහැ. මම අම්මාගෙනුත් ඇහුවා ඔයා මොනවත් කිව්වාද කියලා මොනවටද බනින්නේ සුරන්ග අපට වරදක් කරලා නැනේ කියලා අම්මා කියනවා. හවස දිහා බලන්න යනවා කියලා හිතාගෙන මම ටිකක් නිදා ගත්තා. දීපේ ලාගේ අම්මා ඇවිල්ලා කියලා අම්මා මට කතා කරා අනේ පුතේ දීප්තිත් නැහැ සුරන්ගත් නැහැ ගෙදර පොඩ්ඩක් හොයලා බලනවාද කියලා මට කියනවා මම ඇහුවා ආයේ පොලිසියෙන් ගස්වන්නද කියලා. පස්සේ මට දුක හිතිලා මම බලන්නම් නැන්දා ගෙදර යන්න‍ කියලා. හොයන්න පුළුවන් හැම තැනම බැලුවා‍ කොහෙවත් නැහැ ආ කියන්න බැරිඋනානේ මෝලාත් එක්ක එක වාහෙනේම නැගලා හොයන්න ගියේ මෙන්න මෙයා මාර සේප් මාත් එක්ක එත් මටනම් ගුට් කාපුවා මතක් වෙද්‍දි මාර තරහක් එන්නේ මොනවා උනත් සුරන්ගයා දීපේ එක්ක පැනලා ගිහිල්ලනම් මුත් එක්ක සේප් වෙන එකෙන් සුරන්ගව බේර ගන්න පුළුවන්නේ.
රැ වෙනකන් හොයලත් හොයා ගන්න බැරිවුනා පස්සේ හෙටත් හොයලා බලමු කියලා රැ වුන නිසා ගෙදර අවා අනේ ඉතින් සුරන්ගගේ මේ වැඩ නිසා අර අහින්සක දෙමාවුපියන් දෙන්නා අදටත් දුක්විදිනවා මොනවා හරි වෙච්ච ගමන් දුව ගෙන එන්නේ අපේ ගෙදර තමා. ඔන්න රැ දහයට විතර කෝල් එකක් අවා සුරන්ගගෙන් මචං මමයි දීප්තියි ඉන්නෙ රාජන්ගනේ අපි හෙට බදිනවා කියලා මට කියන්න දෙයක් නැහැ බොහොම සෝක් කියලා කිව්වා හා හෙට බැදලා වරෙල්ලා මෙහෙ අවුලක් නැහැ මම ව්සදන්නම් මොනවා හරි උනොත් කියලා කියලා මම දැන් යනවා දිපේ ලාගේ ගෙදර ගිහින් කතා කරලා මේ නම්බරයට කෝල් කරන්නම් හොදේ. රැම ගියා විජේසිංහ අන්කල්ලාගේ ගෙදර ගිහින් විස්තර කියපු ගමන් ටිකක් ගෙරෙව්වා තමයි පස්සේ දුක්වුනා කමක් නැහැ දෙන්නට එන්න කියන්න ගෙදර ඇවිල් තියෙන දෙයක් බලාගෙන ඉන්න කියමු කියලා. මම ත් ඉතින් සුරන්ගට විස්තරේ කියලා එන්න කීවා .මුන් පහුවදා හැන්දාවේ අවා මම පොරොන්දු උනා වාගේ උන් දෙන්නව පුරස්නයක් නැතිව දීපේ ලාගේ ගෙදරට බාර දුන්නා.

දැන්නම් ඉතින් සුරන්ගයා කොහම හරි තනි බුදලේකට උරුම කියනවා මුන් දෙන්නයි විජේසිංහ අන්කල්ලයි හොදින් ඉන්නවා ඒත් විජේසිංහ අන්කල්ට ගෙවන්න බැරි පාපයක් තියෙනවා ආත්ම හතකටවත් මොකද දන්නවාද සුරන්ගටයි දිපේ ටයි බබාලා නැ මොකද දන්නවද විජේසිංහ අන්කල් ආ මේ මෝලගේ ඇත්ත නම දීප්තිට එදා ගහද්දි දීප්තිගේ බඩට  තදින් පාරක් වැදිලා තියෙනවා එකෙන් එයාට අම්මා කෙනෙක් වෙන්න තියෙන අවස්ථාව නැතිවෙලා එකයි මෙයාලා කරන්න පුළුවන් හැම දෙම කරා නව ලෝක රොහලෙන් තමයි කියලා තියෙන්නෙ අම්මා කෙනෙක් වෙන්න අවස්තාව නැහැ කියලා. දැන් ඉතින් අවුරුදු හතක් මේ දෙන්නා බැදලා දැන් සුරන්ගයත් මෝලෙක් මෝල් පහම බලා ගන්නේ මු. මේ දෙන්නාගේ අදහස දරුවෙක් අරන් හදා ගන්න පව්. අදටත් සුරන්ගත් දීප්තිත් මමත් අනෙක් පන්තියේ හිටපු යාළුවොත් සෑම අවුරුද්ද කම නම වෙනි මාසේ හත් වෙනිදට ටිකක් ලොකු පාටියක් දානවා දීප්ති ලගේ ගෙදර මොකද සල්ලි නැතිව ඇ එයාලට අපි ගුටි කාපුවයි මෙයාලගේ හනිමුන් එකයි මතක් වෙන්න තමයි මේක දාන්නේ මොකද මුන් දෙන්නා හනිමුන් එක එදා නිමාලිලගේ ගෙදර දීම ඉවර කරලනේ.

මම මේක ලියන්න හේතුවත් ඊයේ අපේ අමතක වෙන්නේ නැති දවස හින්දනේ. ඒ කට යන්න වෙලා යන නිසා තමයි භාගයක් ලියලා ඊයේ නතර කලේ හොදේ. ඔන්න කතාව නම් ඉවරයි අපි පාර්ථනා කරමු මේ දෙන්නාට කොහම හරි දරුවෙක් පිහිටන්න කියලා නේද දේව හාස්කමකින් හරි එහෙම දෙයක් සිදු උනොත් විජේසිංහ අන්කල්ගෙයි දීප්තිගෙයි සුරන්ගගෙයි හිත් වලට කොතරම් සතුටක් දැනෙයිද නේද?.
ඔයාලා සියලු දෙනාටම බුදුසරණයි!.           

3 comments:

  1. ආදරත් අමුතුම පිස්සුවක් බං.අනේ මන්ද.මටනම් හිතට මුකුත් එන්නේ නෑ.හැබැයි එකක්.ආදරවන්තයෝ දෙන්නෙක් එකතු වෙච්ච එක ගැනනම් සතුටුයි.සිරාවටම පව් බං.මොනව කරන්නද?

    ReplyDelete
  2. patta kathawa ban ! matath oya siddiyama weida danne na !

    ReplyDelete
  3. රසයි: අව්‍යාජයි: මං කැමතියි.

    ReplyDelete

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ