සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Monday, September 7, 2009

ආදරයක් නිසා සිදුවුන ඇබැද්දියක් මෙසේ අකුරු කරන්නම්.

"සත්‍ය සිදුවිමක් ඇසුරෙණි".

මගේ මිතුරෙකුට ආදරයක් නිසා සිදුවුන ඇබැද්දියක් මෙසේ අකුරු කරන්නම්. ඔහු ''සුරන්ග'' ලෙසත් ඇය දීප්ති ලෙසත් හදුන්වන්නම්. මෙවුන් පාසල් ගියේ එකම පාසලකටයි. එකම මාවතක පාසල් යන සුරන්ග හා දීප්ති එදත් පාසල් ගියේ හද පිරි සතුටකිනි. සුරන්ග ඇස්කොනෙන් දීප්ති දිහා බැලුවේ හද පිරි ආදරයකිනි දීප්ති එම බැල්මේ ඉගිය තෙරුම් ගත්තා මෙන් පුංච් සිනාවක් පා පාසල් ගෙට්ටුවෙන් ඇතුල් වුයේ විවෙක කාලයේදී හමු වෙමු යන්න ඉගි කරමිනි. 


සුරන්ගගේ දෙමවුපියන් ජිවිතය ගැට ගසා ගත්තේ අනුන්ගේ කුලී වැඩ කරලා. නමුත් මෙහුන් සුරන්ගට උගන්නන්න නම් නොගත් උත්සහයක් නැහැ. පාසල් විවෙක කාලය උදා විය එදා මෙන් සුරන්ගත් දීප්තිත් බත් මුල් දෙක උස්සාගෙන දිව්වේ පුස්තකාලය පිටුපසටයි. අපද ඔහුන් පසු පස දිව යන්නේ ඔහුන්ගේ නිදහසට බදාවක් කරන්නටයි අප ඔහුන් දෙදනාගේ බත් දෙක උදුරගත්තේ වෙනදාමෙන් නොව අද විශේෂ දවසක් නිසා මොකද මේ දෙන්නගේ ආදර කථාවට අදට අවුරුදු තුනක් පිරෙනවා. අනේ කෑම මුල් දෙකනම් සුපර් කියලා වැඩක් නැහැ...........


සුරන්ගයගේ බත් එක අපට දෙන්නයැයි පන්තියේ ගැහැනු ලමුන්ගෙන් කරදරේ අනේ මොනවා කරන්නද සුරන්ගලාගේ බත් එකේ රස මමනේ දන්නේ ඒත් ගැහැනු ලමුන්නේ ඉලන්නේ අපේ හිතත් උණු වෙනවා නොවැ දිලා දැම්මා පැලියවු කියලා ඔන්න දීප්තිගේ බත් එක ලෙහලා ගත්තා කන්න මොනවා බලන්නද තරු පහේ හෝටලයක කෑම එකක් වාගේ මෙහෙම ගේන්න බැරියැ මේකිලාගේ අප්පොච්චා කොහු මෝල් පහක අයිති කාරයෙක්නේ කියලා අපේ එකේක් ගත් කටටම කීවේ නැතැ. මේක අහුනා දීප්තිට අපි අදරෙට කියන්නේ දිපේ. උබලට මෙච්චර කලක් ගෙනල්ලා ගිල්ලුවෙත් ඔය මෝලාගෙ බත් තමා කාපල්ලා කෑ නොගහා දීපේ කියුවේ නැතැ අපේ උන් දුවනවා ටැප් එක ලගට මෙකද දන්නවද අරකි කියපු කථාවට මේකලාට පිට උගුරෙ ගිහිල්ලා. තෙරුම නොදැන තමා කීවේ
 
 
ඔන්න කෑම කාලා ඉවර වෙලා කට්ටිය සෙට් උනා අද අරුන් දෙන්නා වෙනු‍වෙන්  මොනවා ද කරන්නේ කියලා කථා කරන්න මොකද මුන් දෙන්නාගේ මාර ලවක් තිබ්බෙ ඒ හින්දා පන්තියේ සියලු දෙනාම හරි ආදරයෙන් මුන්ව බලා ගත්තා . කොහම හරි මුන් දෙන්නාට නිදහසේ පැය දෙකක් වත් කථා කරන්න අවස්තාවක් දෙන්න ඕනා. විවෙක කාලයත් ඉවරයි ඊලගට තිබුනේ ගණන් වෙලාවට මිස් අවිල්ලා නැහැ අපි කට්ටිය ගියා පුස්තකාලයට කරන වැඩේ ගැන කතා කරන්න. කවුද දන්නේ ගණන් මිස් අවිල්ලා නැත්තේ මුන් දෙන්නාගේ කරුමෙට කියලා.
 
 
යෝජනා නම් දැන් ගලා ගෙන එනවා ඔය අතරින් ගෑනු ළමයෙක් කීවා එයාලගේ ගේ පිටිපස්සේ වැවක් තියෙනවා යන් ඒකට උබලා සේරටම කියපල්ලා අපේ අම්මාට අසනීපයි බලන්න යනවා කියලා ගෙවල් වලට මම අම්මාට කියන්නම් කෙල්ලොයි කොල්ලොයි එනවා වේ ගෙඩි කඩන්න කියලා. කොහම හරි ඒක තමයි හොදම දේ අපි පාසල් ඇරිලා ගෙදර ගියේ වෙලාවකුත් දාගෙන ඉස්කොලේ ගාවදි හමු වෙන්න.
 
 
කියපු විදිහට දෙක හමාර වෙද්දි සේරම අවා අනේ මුන් දෙන්නා තාම නැහැ සුරන්ග නම් ඈත එනවා . සුරන්ගයට එන්නවත් බැරිඋනා මොකද බන් දීපේ නැත්තේ අපේ උන්ටනේ හදිස්සිය කට වහගෙන ඉදපල්ලා එකී කොහම හරි එනවා මම ඒක දන්නවා ඒක සුරන්ගයටත් තද වේලා කියලා දැම්මා. දැන් නම් තුනයි වේලාව අපි යමු එයාව තාත්තා තමයි ඇරලවන්නේ තනියම එන්න දුන්නේ නැත්නම් තාත්තාට කියලා ඇරලා ගන්නවා කියලා සුරන්ගයා කීවා. ඔය අතරෙ සුමුදු කියනවා එහෙනම් පරක්කු කරන්නේ අපි මෙතන හිටියොත් එයාලගේ තාත්තා සැක හිතයි කියලා පුළුවන් තරම් ඉක්මනට යමු අපි.
 
 
නිමාලි අපිව ගෙට ගත්තේ තොපි මගුලක් කරාද මෙච්චර වෙලා කියලාමයි අපේ උන්ගේ කටවල් ඉතින් මොකද මගුලක් කරනවා තව ටිකකින් ඔහම ඉදහල්ලාකෝ අරකි ආපුහම කියලා කීවේ එකෙක් . ඔන්න මෝලාගේ බයික් එකේ සද්දේ එනවා තොපි හැන්ගියව් වේලාවට නිමාලිගේ අම්මා වැඩට ගිහිල්ලා අවිල්ලා නැ තාම සුමුදු උබ ඇදට නැගලා ඔලුවේ ඉදන් වහගෙන කෙදිරි ගාපන් නිමාලි උබ එතනට වේලා ඉදගෙන ඉදපන් කියාගෙන මමත්  සුරන්ගයත් වැවටම දිව්වා. මට මෝලාගේ බයික් එකේ සද්දේ හොදටම හුරුයි.
 
 
ට්කකින් ඔන්න රෙද්දක් පොරවගෙන සුමුදුවා දුවගෙන එනවා වැඩේ හරි මධුශංඛ ඔයයි සුරන්ගයි ගිහිල්ලා වැඩේ ඉවර කරලා වරෙන් අපි වේ කඩනවා එතකන්. මමත් සුරන්ගයත් ගියා අනේ දීප්ති වෙවුලනවා මම ඇහුවා මොකද බන් කියලා ඒකි මගේ කකුල් දෙක ගාව වැටිලා වැදලා කීවා කවදා හරි මොනවා හරි උනොත් එයාවායි සුරන්ගවයි වෙන් කරන්න කාටත් දෙන්න එපා කියලා. මේක එක පාරට කියන්න හේතුව අදටත් මට පුරශ්නයක්. ඒකත් එදා දෙවියන්ගේ සරදමක්. නිමාලියාගෙන් යතුර අරන් දුන්නා සුරන්ගයට හැබැයි පුතෝ දුර දිග යන්න එපා උබලා දෙන්නා පරිස්සන් වියල්ලා කියාගෙන මමයි නිමාලියි ගියා වේ කඩන්න.
 
 
දැන්නම් වේලාව පහ හමාර විතර ඇති අරුන් තවත් මගුලක් කරනවාද මන්දා නිමාලියා කියන කොට මට ඇහුනා මෝලාගේ බයික් එකේ සද්දේ අනේ දෙවියනේ මේ මොකද වෙන්නේ අපේ උන් ගල් ගැහිලා කරකියා ගන්න බැරිව ඔන්න මෝලා කෑ ගහනවා දීප්ති කියලා තෝ මෙහෙ කොහෙ හරි ඉන්න ඕනා සුරන්ග මගේ කෙල්ල එවපන් මේක ගොඩින් බේර ගන්න ඔනේනම් නැත්නම් තෝව මරනවා තොපි මේ මිදුලේ කතා කර කර ඉන්නවා දැකලා තියෙනවා සිරිපාලයා ඔන්න අනේ සුරන්ගයලාගේ අපේ කොල්ලන්ගේ කෙල්ලන්ගෙයි අම්මා අප්පා ඉවරයි. මේකා පොළිසියටත් කියලා අවිල්ලා තියෙන්නේ හුටා දීප්තියා දොර ඇරගෙන දුවෙගෙන ඇවිල්ලා අප්පච්චි අපි ගෙදර යන් මාව මරන්න ඒත් සුරන්ගට මොනවත් කරන්න ඒපා.
 
 
මේකි කරපු මෝඩ වැඩක් මෝලාට යන්ට ඇරලා ගෙදර ගිහිල්ලා ගුටියක් දෙකක් කලා බේරෙන්න තිබුණ එකත් නැති කරගත්තා. අනේ දීපේට ගහනවා සතෙකු‍ට වාගේ සුරන්ගයටත් ඉන්නම බැරිව අවා එලියට මෙන්න මේකා මරපියව් කියද්දි තමයි දන්නේ මෝලා මෝලේ වැඩ කරන කට්ටියත් අරන් අවිල්ලා තියෙන්නේ සුරන්ගයාට පාරක් වැදුනා තදින් අනේ සුරන්ගයා වැටුනා එතකොට කෙල්ලෙක් කෑ ගැහුවා තොපි පිරිමිද යකෝ සුරන්ගයාට ගහනකන් බලන් ඉන්නේ යමවු ගහමු උන්ට එතකොටයි අපිට හොද සිහිය ආවේ කඩා ගත්තා ගිනිසීරියා පොලු කෙල්ලොත් අතට අහුවෙන එක අරන් එනවා බලන්ට එකෙක් හරි ගහපියව් සුරන්ගට අපි කැ ගැහුවා හැබැයි මෝලයි කට්ටියයි දීපේ වත් ඇදගෙන පාරට ගියා 
 
 
තොපි ගැන හෙට උදේට බලාගන්නම් තොපි එකා එකා මරනවා බල්ලො වාගේ කියලා මෝලා කැ ගහනවා මධුශංඛ අයියේ සුරන්ගව ඇතකට අරන් ඔයලා යන්න මේකා ඔයාලව මරයි කියලා දීපේ කැ ගහනවා. එවෙලේ නම් ටිකක් බය කුත් අවා. ඔන්න ඉතින් කෑ ගහලා මේයාලා ගියා නිමාලිගේ අම්මා සිදුවෙච්ච දේ ඇහුවා අපි ඇත්ත කීවා එයා අපට ගහලා එලවන්න ඕනා එත් ඇය උතුම් අම්මා කෙනෙක් දරුවො ඔහොම හදන්න බැහැ තරහ තියාගෙන මගේ දරුවො ගෙවල් වලට යන්නකෝ හෙට බලමු වෙන දේ.
 
 
අනේ එ අම්මාගේ කරුනාවත් අරන් අපි ගෙදර එන ගමන් කතාවුනා පොලිසි යන්න උනොත් එක කෙල්ලෙක් ගාවන්න  හොද නැ මැරුවත් කියන්න එපා ඇත්ත දීපේ අපේ පැත්තනේ . ඔන්න සුරන්ගයව මම ඇදගෙන අපේ ගෙදර ගියා නිදා ගනින් අපේ ගෙදර කියලා. දැන් වෙලාව හතයි ගියා නාන්න ලිද ලගට හුටා ජිප් එක අපේ ඉස්තෝප්පුවේ හරි ඉතින් හිත හදා ගෙන අපි දෙන්නාම ගියා ජිප් එක ලගට. මොනවා බලන්නද මෝලාත් එකේ නැගපියව් ප...... කියලා මහත්තයෙක් කීවා මම කෙදරි ගගා ස.........ර් ස......ස.....සර් අපි ඇදුම් මාරු කරන් එන්නද කියලා ඇහුවා හැබැද තොපි දුවන්න මම කීවා දුවනවා නම් සර් ලිද ලග ඉදන් අපි එන්නේ නැහැනේ දකිද්දිම දුවනවානේ කියලා හා හා දාගනියවු කො සෙන්ට් පවුඩරුත් දා ගනිල්ලා ගුටි කනකොට ගද නැතිවෙන්න අනේ එතකොට නම් හිතුනා ඇත්තටම දුවන්න.
 
 
සුරන්ගයට මගේ කිටක් දුන්නා මාව බදාගෙන ඔයත් මා නිසා කියුවා මම කීවා උබ වෙනුවෙන් පණ දෙනවා බන් කියලා මුට මාර කික් එතකොට. පට්ට පිට් එකක් අවා දෙන්නාට  දැම්මා පහක් මරුවත් නොකියමු කියලා ඔය ලොකූ මොකද මේ අම්මා අඩනවා හෙට දැන ගන්න පුළුවන් දැන් යන්නම් අම්මේ. මොනවාද ඉතින් ජිප් එකේ යන ගමන් බාගෙට මැරුවා අපිව අනිත් උන්ගේ ගෙවල් පෙන්වන්න කියලා....................................................
 
 
අනිත් කොටස හෙට දාන්නම් හොදේ ඉතිරි කොටස දානකන් මේක හොද නරක දාන්න.        

1 comment:

  1. අම්මෝ....දුක හිතෙන කථාවක්ද? බය හිතෙන එකක්ද?

    ReplyDelete

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ