සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Thursday, September 3, 2009

මුරුසියට ගිය ගමනේ හමුවු නෙළුම් පොකුණ හා පාට හතේ වැලිකන්ද.(මුරුසි වැදගත් තැන් දෙවන කොටස.)

මුරුසි වැදගත් තැන් දෙවන කොටස.


ඔන්න ඉතින් මුරුසියේ වැදගත් තැන් බලන්න යන ගමනෙ දෙවන අදියරයටයි අපි යන්න යන්නෙ. අපේ කට්ටියටත් ඉවසිල්ලක් නැ ලොව ලොකුම නෙළුම් කොලයි පාට හතේ වැලිකන්දයි බලන්න. දැන් හවස් වෙන්නත් ලගයි දැන්නම් සීතලත් වැඩියි ඒත් කරන්න දෙයක් නැහැ අද විතරයි කට්ටියට නිවාඩු. සීතල යන්නත් එක්ක හොද කෝපි කෝප්පෙක රස බලලාම නැග්ගා බස් එකට නෙළුම් මල් බලන්න යන්න . පැය භාගයක විතර ගමනකින් පස්සේ ඔය කියන තැනට අපි අවා. මොනවා බලන්නද ඉතින් මේකත් අපේ පේරාදෙණි මල්වත්ත වගේ හැබැයි මේක ඒකට වඩා වෙනස් මොකද දන්නවාද ඉතින් ලංකාවේ අයගේ හැදියාව හොදයිනේ එහින්දා මල්වතු වල අසෝබන දෙවල් දකින්න නැනේ.

එකටත් එක්ක මේක හප්පේ බලන්න එපැයි කොතන බැලුවත් කොල්ලයි කෙල්ලයි. අනේ ඉතින් එගොල්ලො යන්න පුළුවන් උච්චම අවස්ථාවටම ගිහිල්ලා මුන්ට ගානක්වත් නැහැ මිනිස්සු යනවා එනවා කියලවත්. අනේ අවාසනාවකට වාගේ ඔය අතරේ අපේ හැතිකරෙත් එකා දෙන්නා හිටියා. මුන් ලංකාවෙමද කියලා හිතුනා.

ඔය කෝළම් අතරින් ගියා නෙළුම් පොකුණ ගාවට ඇත්ත නේනම් ඇත්තටම ජිවිතේටම දැක්ක ලොකුම නෙළුම් තමයි මේ ඔන්න ඔයාලත් බලාගන්නකෝ.


මල්වත්තට ඇතුල් වෙන දෙරටුව
 
 මෙන්න මේක තමයි නෙළුම් පොකුණ

 
  
  
  
  
ඔන්න ඉතින් ඔයාලත් දැක්කනේ ඔයාලා හිතන්නෙ මොකද්ද මේ ගැන මුරුසි වැසියොනම් අපි මේවා දිහා උවමනාවෙන් බලන කොට සතුටුවෙනවා. ආ කියන්න අමතක උනානෙ මේ මල්වත්ත හදලා තියෙන්නෙ පෙම්වන්තයන්ටලු ඒක තමයි එහෙනම් පසිද්දියෙම කපල් නිල් ෂෝ පෙන්වන්නෙ නේද?. අපරාදේ එයාලව විවේචනය කරේ නේද කවුද එහෙම දෙයක් දන්නෙ පස්සෙනේ දැන ගන්න හම්භ වුනේ.
ඔන්න මල්වත්තෙන් අපි අවා එලියට දැන් යන්න යන්නෙ පාට හතේ වැලි කන්ද බලන්න යන්න. මුරුසි වැසියන් කියන විදිහටනම් මේ වැලිකන්ද ලෝක පුදමයන් අතරට එක් විය යුතුයි කියලා අනේ අපි මොනවා කරන්නද නේද. ඔන්න බලන්නකෝ වැලි කන්දේ පාට හතක් ඇත්තටම තියෙනවද කියලා.

 
 
දැන් ඉතින් අපේ ගමන ඉවර කරන්න වෙලාව හරි. වැලිකන්ද බලන්න නම් පොඩි කට්ටක් කන්න ඕනා. මොකද සෑහෙන දුරක් පයින් යන්න වෙනවා. ගියා වගේ එන්නත් එපැයි. අපහු එන ගමන් පොඩි කඩේකට ගොඩඋනේ මෙනවා හරි බොන්න කියලා. අනේ ඉතින් ඔය කඩෙන් කාපු රොටියේ රස නම් ජිවිතේටම අමතන වෙන්නෙ නැහැ. ඔයාලත් කවදා හරි මුරුසියට ගියොත් මේ දෙවල් බලන්න යන්න අමතක කරන්නත් එපා වැලි කන්ද පාමුල තියෙන කඩේ රොටිය කන්නත් අමතක කරන්න එපා හොදේ.
තව නම් දේවල් ගොඩක් තියෙනවා බලන්න අපිනම් යන්න පුළුවන් හැමතැනකම ගියා. වෙලාවක් තිබුනොතින් දාන්නම්කො ඒවා ගැනත් ලිපියක්.

2 comments:

  1. niyamai saawen kiyeuwa murusi kiyala annasi wagekuth thiyanawaneda

    ReplyDelete
  2. මුරුසියට යන්න ලැබෙයි කියල හිතන්න අමාරුයි. ඒ නිසා දිගටම ලියන්න, අපි බලන්නම්.

    ReplyDelete

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ