සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Monday, August 31, 2009

මුරුසිය ට ගිය ගමනෙදි ඇහැලේපොල නිලෙමෙ තුමාගේ සොහොන් කොත ලගදී හමු වු අරුම පුදුම ගැහැනිය.(කවුරුත් කියවිය යුතු ලිපියක්)

 මුරුසි චාරිකාවේ වැදගත් තැන් 1 කොටස.


ඔන්න වෙච්ච දේ කියන්නයි යන්නේ මේක බොරුවක් නෙමෙයි. ඔන්න ඉතින් අපේ අනිත් කට්ටියත් එක්ක අපි මුරුසියේ තියෙන වැදත් තැන් බලන්න පිටවුනා. අපි ඉස්සර වෙලාම ගියේ ඇහැලේපොල නිලෙමෙ තුමාගේ සොහොන් කොත හා ඔහුව රදවා තබාගත් සිර මැදිරිය බලන්න. එතුමාගේ සොහොන් කොත බලන්න යනකොට අපිට පොඩි ඔත්තුවක් දුන්නා අපේ කෙනෙක් කියන්න ඕනේ නැහැනේ එයා ලංකාවේ කියලා ඇයි කියලා දන්නවානේ නේද ලංකාවෙ ඉතින් අබිලිං ගොයියලා වැඩියිනේ. ඔය කොත ලගට එනවා ගැහැනු කෙනෙක්" බනිස් ගෙඩියකුත්, වතුර බොතලයකුත්, මලක් හා ඉටිපන්දමක් අරන් ආ එයාගේ පුතත් එක්ක එන්නෙ" බලන්නලාකො එයා කරන දෙ කියලා තමයි අබලියා අපට කීවේ.


අනේ පැයක විතර ගමනකින් පසුව අවා ඔය කියන තැනට අර ගැහැනු කෙනා කරන දේ තමයි හැමොටම බලන්න ඕනා. ඇය එන්නේ හවස් වරුවේ තව පැය දෙකක් වත් බලන් ඉන්න වෙනවා. මොනාද කරන්නේ කියලා බලන්න.ඔන්න ඉතින් ඇය එනකන් අපේ අය කඩේ ඇරෙගෙන ඉන්නවා මම ඉතින් හිතුවා මතක හිටින්නත් එක්ක photo ටිකක් ගත්තොත් නරකද කියලා. හලෝ.....හලෝ..... කියන එකෙන් පොඩියට photo ටිකක් ගත්තා බලන්නකෝ ඔයාලත් ඊට පස්සේ කතාව කියන්නම්කෝ.



මෙන්න මේ බෝඩ් එක ලග තමයි සොහොන් කොත තියෙන්නෙ.
  
මෙන්න මේක තමයි සොහොන් කොත
 
 
 
පිට පැත්තෙනම් සිංහල අකුරෙන්ම ලියලා තිබුනේ
  
  
ඔන්න මගේ වැඩෙත් ඉවරයි මමත් ඉතින් අනිත් අයගේ කේලම් ටික අහ අහ හිටියා. මෙන්න බොලේ "ඩිබි.....ඩිබි....ර්.....ර්" ගලා අවා බුරුවෙක් වාගේ බයික් එකක්. අනේ වයස 50ක විතර ගැහැනු කෙනෙක් විනාඩි 5ක් පමණ ඔට්ටු වෙලා බැහලා එනවා හරි හදිස්සියෙන් අපිත් නැකිට්ටා සුනාමිය එනවා වාගේ. අපි මෙච්චර වෙලා බලන් හිටියේ මෙයා එනකන් තමයි. මෙන්න වැඩේ අපේ හරක් ටික සේරමලා කැමරා දික් කරගෙන අර ගැහැනු කෙනාට ආපු වැඩෙත් අමතක වෙලා. මම කියුවා දෙන්නෙක් ගත්තහම අනිත් අයටත් කොපි ගන්න පුළුන් කියලා. 
දැන් ඔන්න ඇයත් වැඩේ පටන් ගත්තා මෙයා ආපු ගමන්ම තිබ්බා අර ගෙනාපු මල තියලා ටිකක් වෙලා මෙනවාද මිමුනලා ආයේ බනිස් ගෙඩියක් අරන් තිබ්බා සොහොන උඩ්න්. මෙන්න ‍බොලෙ මෙයා සොහොනට වතුරත් දනවා. අපේ අබිලියා කියපුවා ඇත්ත එහෙනම් නේද. ඔයාලත් මේ රූප ටිකත් බලලාම ඉන්නකෝ.
බනිස් ‍ගෙඩිය තබා ඇති අයරු 

ඇයගේ මිමිනීම 

වතුර දමන අවස්ථාව 



 
නැවතත් ඇය සිටගෙන ඇයගේ මිමිනීම පටන් ගත්තා විනාඩි පහලවක් විතර මෙය එම ඉරියවුවෙන් හිටියා. මෙන්න මෙයා යන්න යනවා අපේ කොල්ලෙක් ඇයත් සමග කතා කරන්න බොහම උත්සහ ගත්තා ඇය එක පුරස්නයකට විතරක් උත්තර දුන්නා. " ම්ස් ඔබ මේ කරන කටයුත්ත මෙකද්ද, මොකද්ද ඔබලාගෙයි මෙයයි අතර බැදීම" මෙන්න උත්තරය " දරුවො ඒක ගොඩක් දිග කථාවක් සමාවෙන්න ගිහිල්ලා එන්නම්" ඔන්න ඉතින් අපට ඇයගෙන් දැන ගන්න ලැබුනේ ඔච්චරයි. 
 
ඇය බැලු බැල්මටම ලංකාවේ ගැහැනු කෙනෙක් වගෙයි නමුත් මම ස්තීරවම කියනවා ඇය මුරුසි රටෙ කන්තාවක්. ඔන්න ඔය කුතුහලයත් අරන් අපි ගියා නිලමෙ තුමා රදවා තැබු සිර මැදිරිය බලන්න. රූප සටහන් ටික දලා ලිපිය නවත්වන්නම් හොදේ. අර කානතාව ගැන එහිදිත් උත්සහා කරා තොර තුරු සොයන්න ඔවුන් දන්නෙත් අපි දන්න දේම තමයි. අවාසනාවකට වාගේ ඇය ඉන්න ඉසවුවක්කත් මොහුන් දන්නේ නැහැ. ඇය ගේ පිරිමි දරුවා කලු ජාතිකයෙකුට සමානයි යන්න සොයා ගැනිමට පුළුවන් උනා.
 රූප සටහන් සිරමැදිරියෙහි.
 
 
  
  
  
  
ඔන්න මේ ලිපිය ඉවරයි ඊලග එකෙන් ලොව ලොකුම නෙළුම් මල් හා නෙළුම් කොලයි පාට හතේ වැලි කන්දයි ගැන ලියන්නම්කෝ මේවා දැක්කෙත් මුරුසියට ගිය ගමනේම තමා.
   

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ