සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Wednesday, August 26, 2009

Peer to peer මෘදුකාංග මගින් අන්තර්ජාල ය හරහා දත්ත හුවමාරුව අන්තරාදායකද?.



අන්තර්ජාලය හරහා සංගීත, විඩීයෝ දර්ශණ මෙන්ම නොයෙකුත් මෘදුකාංග ලබාගැනීම අප සාමන්‍යයෙන් කරන දෙයකි. ඒ සදහා Bit torrent"Morphen, Kazza, Napster හා Guntella වැනි වැඩසටහන් යොදාගනී. මෙවැනි වැඩසටහන් සදහා භාවිතා කරනුයේ Peer to peer Network එකකි. මෙම Network එකෙහි ඇති විශේෂත්වය වන්නේ අපට අවශ්‍ය කරන්නාවු files download කරගැනිම සදහා මෙම ජාලයට සම්බන්ධ වී ඇති දහස් ගණන් පරිගණක යොදා ගනු ලැබීමයි.

 මේ හේතුව නිසාම ඉතාමත් ඉක්මණින් හා පහසුවෙන් අවශ්‍යය වන්නා වු files download කරගත හැකිවෙයි. මෙම වාසිය නිසාම බොහෝ දෙනෙකු Peer to peer මෘදුකාංගය භාවිතා කළද ඒවා මගින් සිදුවෙන අවාසිද නැතුවාම නොවේ. එනම් මෙවැනි Network එකක් හරහා වෙනත් කෙනෙකුට වුවද අපගේ පරිගණකයේ ඇති දත්තයන් කියවීමට හැකියාව ලැබේ.


මෙහිදි සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ තම පරිගණකයේ එක් folder යක් පමණක් බෙදා ඉඩකඩ ලබාදීම කළ යුතුය.එසේ නොමැතිව සම්පුර්ණ Hard disk එකම (share) නොකළ යුතුය. මෙසෙ (share) කරගනු ලබන folder තුළ තිබෙන්නා වු දත්තයන් පිළිබදව අප සැලකිලිමත් විය යුතුය. Peer to peer මෘදුකාංග භාවිතා කිරිමේදි අවධානය යොමු කළයුතු තවත් කරුණක් වන්නේ මෙම වැඩසටහන් මගින් download කරන files සමග spyware හා adware පැමණිමයි. මෙ අතර මෙම වැඩසටහන් මගින් ලබාදෙන නීතිවිරෝදි කිසිවක් අප භාගත කර ගැනිම නොකළ යුතුය.


මෙවැනි Peer to peer මෘදුකාංග නිසා සිදුවිය හැකි තවත් අවධානමක් වන්නේ අපගේ පරිගණකය කුඩා දරුවන් හෝ වෙනත් පුද්ගලයින්ද භාවිතා කිරිම නිසා සිදුවන බලපැමයි.එය නම් ඇතැම් විට අප නොදැනුවත්වම Peer to peer අපගේ පරිගණකයේ තිබිය හැකිය. මෙලෙස වැඩසටහනක් තිබියදි අපගේ අතිශය පුද්ගලික තොරතුරු (credit card no, bank accounts) ආදිය අන්තර්ජාලය හරහා භාවිතා කරයි නම් එම තොරතුරුවල රහස්‍යභාවයට යම් තර්ජනයක් මේ තුළින් ඇති කරයි. එසේනම් මෙවැනි අවස්ථා පිළිබද ව අපගේ අවධානය යොමු කොට පරිගණකය භාවිතා කිරිමෙන් Peer to peer මෘදුකාංගය මගින් අන්තර්ජාලය හරහා දත්තයන් හුවමාරුවෙන් වෙන අනතුරු අවම කරගත හැකිය.  

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ