සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Monday, August 24, 2009

පරිගණකයේ හාඩ් එකෙහි ඇති බෑඩ් සෙක්ටර්ස් ඉවත් කරගමු......

හදිසි විදුලි ඇනහිටීම්වලදී කියවීමේ, ලිවීමේ හිස තැටිය මත හදිස්සියේ නතරවීම මගින් තැටි සීරීමකට ලක්විය හැකිය. එවිට එම ස්ථානය මත නැවත දත්ත තැන්පත් කළ නොහැකි තත්වයට පත් වේ. බෑඩ් සෙක්ටර්ස් ලෙස හදුන්වන මෙවැනි සිථාන ඔනෑවට වැඩි වු විට ඩිස්කය භාවිතයෙන් ඉවත් කරීම‍ට සිදුවේ. එදිනෙදා සමාන්‍ය කටයුතු කරන්නාක් මෙන් බෑඩ් සෙක්ටර්ස් ඉවත් කිරිමට නොහැක. නමුත් මේවා සගවා තැබිය හැක. මෙසදහා හාඩ් ඩිස්කය නැවත පාටිෂන් කිරීමේදි සම්පුර්ණ ඉඩ භාවිතා නොකර තැබීම කළ යුතුය. එවිට දෝෂ සහගත කොටස් අතහැර ඉතිරි කොටස පාටිෂන් ලෙස වෙන් වේ.  මේ සදහා පාටිෂන් මැජික් වැනි මෘදුකාංගයක් භාවිතා කළ හැක.

මෙවැනි හාඩ් ඩිස්කයක අත්‍යවශ්‍ය දත්ත පළමුව වෙනත් එකකට පිටපත් කිරීමට උත්සාහ කළ යුතුය. එසේ කළ නොහැකිනම් දත්ත නැවත ලබා දීම සදහා විශේෂයෙන් සකස් කල මෘදුකාංග හෙවත් රිකවරි ටූල්ස් මෘදුකාංගයක් භාවිතයෙන් ඒවා පිටපත් කිරීමට උත්සාහ කළ හැකිය.  

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ