සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Tuesday, August 11, 2009

නිවාඩු දිනයක විනෝද චාරිකාවක් යන්නද බැලුවේ එහෙනම් මුන්නේෂ්වරම් යමුද වාර්ෂික මංගල්‍ය අට වනිදා සිට ආරාම්භ වු වගයි.










හලාවත මුන්නේෂ්වරම් දේවාලයේ වාර්ෂික මංගල්‍ය පටන් ගන්නා ලදි. මෙමස ගිය අට වෙනිදා කපු සිටවීමත් සමග මෙම මංගල්‍ය අරාම්භ විය. ලබන මාසයේ මුල් සතිය හෝ දෙවන සතිය දක්වාම මෙම මංගල්‍ය පැවැත්වෙන්නට නියමිතය. ලංකාව පුරාම විසිරී සිටින බැතිමුතුන්ගෙන් පිරී ඉතිරී යන මෙම දේවාලාය අවට තිබෙන සියලුම නවාතැන් වැඩි මුදලට පවා බැතිමුතුන් මිලදී ගනියි. එම නිසා කිසියම් කෙනෙක් මෙම දේවාලය වැද පුදා ගැනීමට එනවානම් රෑ පුජාවට සිටින්නට පැමිනේන්නේ නම් වඩාත් පහසුය. මෙම කාලයේ සතුට විනෝදය ඇතුලු සියලුම පහසුකම් වලින් දෙවාලය අවට පිරී ඉතිරී ඇත.
දේවාලයට මෙම දේවාලය අවට ගම් වල සියලුම මිනිසුන් මෙම මංගල්‍ය තිබෙන දවස්වලින් එක් දිනක් හෝ සහභාගී වි ඔහුන් දිගුකලක ඉදන් පවත්වාගෙන එන එක් පිළිවෙතක් කරයි. එයනම් පෝල් පැලයක් පුජා කිරීමයි.මේ ලියන මමද මෙම පිළිවෙත කුඩාකල සිටම කරමි. මෙම පිලිවෙත ගැන පැහැදිලි කරනවනම් අප මෙලොව එලිය දකිද්දී අපේ මවුපියන් විසින් මෙම දේවාලයට බාරයක් වෙනවාලු අපගේ හා දරුවාගේ දිවි තිබෙන තුරා පරානේට පාරානයක් දෙනවා යැයි කියා. මෙම පාරානේ කියා හදුන්වන්නේ එම ඉපදෙන දරුවාගේ ජීවිතයත් අනේක් පාරානය කියා පවසන්නේ පෙර කියු පොල්  පැලයත්ය පැරැන්නන් කියන විදියට මෙම පොල් පැලයත් අපේ ජීවිතයත් අතර කිසිම වෙනසක් නැතැයි කියා. නමුත් මොහුන්ගේ පැහැදිලි කිරීම මටද තේරුම් ගැනීමට අමාරුය. මෙම මංගල්‍ය කාලය තුල එක් දිනක් මා සහභාගි වී මෙම පරානය දීමට මා හට අමතක වුනෙමි මා අපසු නිවසට පැමිණි පසු පරානේ දුන්නාද යැයි මව අසද්දී මා හට මතක් වුයේ වැඩේ වැරදුනා කියලා මොකද දේවාලයට යනවානම් මෙම පරානය දිය යුතුය ආපසු මෙම පරානය දීමට මා නැවතයන ලදී. 
මෙම මංගල්‍ය තිබෙන පුරාවට දිනේන් දිනට අළුත් වු පුද පුජා පැවැත්වේ මේවායින් වඩාත් සිත් ගන්නා දවස්වනුයේ මහා රථය ඇදීමේ දිනය , ගිනිපැගීමත් මංගල්‍ය අවසන් වන දින දිය කැපීමත්ය.මෙවා එක්වාතාවක් හරි දැක තිබිය යුතුයැයා මගේ අදහස. පහලින් දක්වා ඇත්තේ දේවාලයේ ඇතුලත හා පිටත පින්තුර කිපහයකි.
 
  
  
  
  
  
  
ගිනි පැගීමේ දර්ෂනයක් 
 
       
වැඩිවිස්තර හා මෙම දේවලයේ ඉතිහාසය සමගින්ද මංගල්‍ය පිලිබද සියලුම ව්ස්තර රූප සටහන් සමගින් ඉදිරියේදී පල කරන්නම්.

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ