සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Thursday, August 20, 2009

ළමා මධ්‍යවේදී ඩේමන් සමග ඔබාමා පැවත්වු පිළිසදර.

ළමා මධ්‍යවේදී ඩේමන් සමග ඔබාමා පැවත්වු පිළිසදර


ඩේමන්ගේ සෑහෙන කාලයක සිට සිතේ තිබුන එක් සිහිනයක් වු තම රටේ නායකයා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමයි. මොහු මේ වන විටත් ඇමරිකාවේ විශේෂ පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා ඇත. නමුත් මාස ගණනක උත්සහයකින් පසුව බැරක් ඔබාමා සමග  සම්මුඛ සාකච්ඡාවකට පැමිනීමට මොහුට හැකිවිය. මොහුගේ පාසල වු ෆ්ලොරීඩා හි කැත්රීන් කනිම්හැම් මුලීක පාසලේ පවත්වාගෙන යන රූපවාහිනී මධ්‍යස්ථානයට ඔබාමා පැමිණියේ පුංචි ඩේමන්ගේ සිහිනය සැබැ කරමිණි.


ඩේමන් සම්මුඛ සාකච්චාව පැවැත්වීමට පැමිණි විගස ඔබාමා පුංචි මාධ්‍යවේදියා අමතා "ඔබ ඔය ඇදුමට හරි හැඩයැයි" සිනාමුසු මුහුණින් පවසා ඇත. විනාඩි දහයක කාලයක් පැවති මෙම සකච්ඡාව යු-ටියුබ් වෙබ් අඩව්යේ උණු කැවුම් මෙන් එවලේම බෙදා හැරුණු බවද පැවසෙයි.

ඩේමන් ඔබාමාගෙන් පළමුව අසා ඇත්තේ නව රැකියාව ගැනය. මෙහදි ඔබාමා පවසා ඇත්තේ එය තමා උද්දාමයට පත් කරන රැකියාවක් බවයි. ඩේමන් තම සම්මුඛ සාකච්ඡාවේදි ඉලක්ක කර තිබෙන්නේ අධ්‍යාපනය සම්බන්ධ පුරස්නය. එහදි ඇමරිකාවේ පාසල් වල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබද ඔහු ඔබාමාගෙන් අසා තිබේ. එමෙන්ම පසුගිය කාලයේ පාසල් වල ඇතිවු දාමරික කටයුතු හා දරුවන්ගේ පාසල් ආහාර වේල සම්බන්ධව අසා ඇත. කෙසේ වෙතත් පුංච් මාධ්‍යවේදියාගේ අරමුණ තේරුම් ගත් ඔබාමා තමාගේ අධ්‍යාපන පතිපත්ති සැකවින් පැහැදිලි කර දී ඇත. එහිදි පාසල් වලට ලබාදෙන අරමුදල් මෙන්ම  පාසල් වලට අවශ්‍ය උපකරන ලබාදීම පිළිබධව දැනටමත් පිඹුරුපත් සැකෙසෙන බවද ඔබාමා පවසා ඇත. නැවත පාසල් ආරම්භවන සැප්තැමිබර් අට වැනිදා විශේෂ දෙශනයක්ද පැවැත්වීමට තමා සුදානමින් සිටින බවද ඔබාමා පුංච් ඩේමන්ට පවසා ඇත.

"ඔබ පාසලේ දී කවදා හෝ නොමනා විදිහට හැසිරිලා තියෙනවා ද?" යැයි සෘජු පුරස්නයක් පුංචි ඩේමන් ඔබාමාගෙන් විමසා ඇත.
"ඔබ දන්නවා.... මම පාසලේ විනයට පටහැනි විදියට හැසුරුණු අවස්ථා බොහෝම අවමයි..... ඇත්තටම නැති තරම්..... මම හැම කාලයේදීම මගේ වයසට ගැළපෙන දේ විතරයි කළේ...." ඇමරිකානු ජනාධිපතිවරයාගේ පිළිතුර විය. මේ ආකාරයෙන් මෙම සම්මූඛ සකච්ඡාව අවසන් විය.

මෙය අවසානයේදී පුංචි ඩේමන් ඔබාමාට ආරාධනයක් ද කර ඇත. "මම දැන් ඔබ සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්තුවා.....ඔබ කැමතිද විවේක ඇති වේලාවක අපේ ගෙදර ඇවිත් යන්න....? .

   

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ