සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Sunday, August 23, 2009

මොකද්ද මේ Morro කියන්නේ........

 
මොරෝ මෙය අලුත්ම Microsoft ඇන්ටිවයිරස් වැඩසටහනයි.



Microsoft සමාගමෙන් නොමිලේ දෙන ඇන්ටිවයිරස් වැඩසටහනක් ඉදිරිපත් කොට තිබේ. දැනට ඇමරිකාව, චිනය, බසීලය, සහ ඊශායලය යන රටවලට පමණක් ලබා දෙන මෙය ඉදිරි දින කීපය තුළදී ලෝකයේ අනෙක් රටවලට ලබා ගැනීමට පුළුවන් වන විදිහට සකසනු ඇත. ඒ, එය Microsoft නිල වෙබ් අඩවියෙන් (www.microsoft.com/security_essentials) ඩවුන්ලෝඩ් කර ගැනීමට පුළුවන් වන සේය. 
 
 මෙම නොමිලේ දෙන ඇන්ටිවයිරස් මෘදුකාංගයේ කේත නාමය මොරෝ ය. එහි භාවිත නාමය Microsoft සෙකියුරිටි එසෙන්ෂල්ස් යන්නයි.
මෙම මෘදුකාංගයෙන් මුලක වශයෙන් virus, spyware, ටොජන් හා රූට්කිට් යන නරක පරිගණක වැඩසටහන් වලින් ආරක්ෂාව ලබාදෙයි. මෙය එක්වරක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගත් විට එය ඉබේම අප්ඩේට් වෙමින් සේවය සලසයි.
 
මෙවැනි ඇන්ටිවයිරස් මෘදුකාංග කීපයක්ම සාමාන්‍ය මහජනයාට නොමිලේ ලබාදෙන සමාගම් කීපයක්ම ඇත.ඉන්ටනෙට් හරහා මේවා භාගත කර ගැනිමට පුළුවන්ය. මෙවැනි සමාගම් වලින් දැනටමත් ඉහල ගණයේ සේවයක් මහජනයාට සපයයි. Microsoft සමාගමේ උත්සහය වී ඇත්තේ මෙවැනි සමාගමුත් අභිබවා යැමටයි.
 
එය කෙසේ වෙතත් අද දවස වන තුරුත් තාම අනෙක් රටවල් වලට මෙම සේවාව ලබාදීමට Microsoft සමාගමට නොහැකි වී ඇත. කෙසේ නමුත් අපට මෙම මොරෝ අත්හදා බැලීමට ටික දිනක් බලාසිටිමට සිදුවණු ඇත.
 
 
රූප සටහන්(Early Morro build screenshot leaks).
 
 
 
  
  
  
  
  

 
 
 
 

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ