සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Sunday, August 9, 2009

පරිගණක තිරයක දිස්වන ඕනෑම දෙයක් ඉමේජයක් බවට පරිවර්තනය කළ හැකි සොලිඩ් කැප්චර් මෘදුකාංගය ගැන විස්තර හා නොමිලේ භාගත කරගන්න.





පරිගණක තිරයක පෙන්වන යම් දෙයක් පින්තුරයක් ආකාරයෙන් ලබාගත්තේ අප පරිගණක යතුරු පුවරුවේ තිබෙන print screen බොත්තම භාවිතා කරමිනි.මෙම කාර්යයම වාඩාත් පහසුකම් සහිතව ඉටු කර ගැනීමට නම් සොලිඩ් කැප්චර් මෘදුකාංගය භාවිතා කළයුතුය.පරිගණක තිරයේ පෙන්වන ඔනෑම දෙයක පින්තුරයක් මෙම මෘදුකාංගය මගින් ලබාගෙන ඔබට කැමති අකාරයකට සංස්කරණය කරගත හැක.


පරිගණකයේ තිරයේ පෙන්වන ෆෝල්ඩර්ස්, ටෙක්ස්ට් ෆයිල්, පින්තුර ආදී ඕනම දෙයක් ඉමේජ් ආකාරයෙන් ලබා ගැනීමට අවශ්‍ය විධාන සොලිඩ් කැප්චර් තුළ තිබේ.මෙමගින් තමන්ට අවශ්‍ය වෙබ් අඩවිවල තිබෙන ඕනෑම දෙයක් ඉමේජ් ආකාරයෙන් ලබා ගත හැකිය.


මෙම මෘදුකාංගයේ විශේෂ ගුනාංග කීපයක් ඇත ඒවානම් මොනිටරය මත දිස්වන ඕනෑම පින්තූරයක් වෙබ් අඩවියක පෙන්වන විට එහි වර්ණය පිටපත් කර ගැනීමට වි‍ශේෂවු ටුලයක් ලබාදී තිබේ.මෙහි තිබෙන විශේෂත්වය වනුයේ මෙම ටුලය බාවිතා කර යම් තැනක් තේරූ විට එම ස්ථානයේ වර්ණයත් ඊට ගැළපෙන වෙබ් අඩවිවලදී භාවිතා වන html සංකේත අංකයත් පෙන්නුම් කිරීමය. මෙම පහසු කම වෙබ් අඩවි නිර්මාණකරණයේදී වෙබ් අඩවි නිර්මාණය කරන පුදුගලයාට පහසුවක් ගෙන දෙයි.

තවද මෙම මෘදුකාංගය මගින් ලබා ගන්නා තිර පින්තුරය අවශ්‍ය නම් ඇක්රෝබැට් පීඩීඑෆ් ෆයිල් ආකාරයට පර්වර්තනය කර ගැනීමට ටුලයක් ලබාදී තිබේ.එසේම මෙමගින් ලබා ගන්නා ඉමේජ් හෝ පිඩීඑෆ් ෆයිල්ස් ඉ-මේල් කිරීමට හැකි ටූලයක්ද ලබාදී තිබේ.තවද විශේෂ වු පහසුකමක් ඇත එනම් පරිගණක තිරය මතට මිනුම් කෝදුවක් ලබාගෙන ඒ මගින් පරිගණක ඩෙස්ක්ටොප් තිරය මත තිබෙන දේ මෙන්ම වෙබ් අඩවිවල තිබෙන යම් යම් කොටස්වල පරිමාන පික්සෙල් විදියට මැන ගැනීමේ පහසුකමද ලබාදී තිබේ.


මෙම මෘදුකාංගය වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධති සහිත ඕනෑම පරිගණකයක පිහිටුවා භාවිතා කිරීමට හැක.මෙම මෘදුකාංගය ඔබට පිහිටුවා ගන්න අවශ්‍යනම් පහත රූප සටහනට ක්ලික් කර භාගත කර පිහිටුවා ගන්න.ඔබ භාගත කරගන්නා මෙම මෘදුකාංගය දින තිහක් පමණක් වලංගු වේ.








     

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ